NewsDonald Trump ගේ නඩුවට සජීව රූපවාහිනී විකාශයක්?

Donald Trump ගේ නඩුවට සජීව රූපවාහිනී විකාශයක්?

-

spot_img

Donald Trump – ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත උසාවියක විභාග කෙරෙන නඩු කටයුත්තෙහි, අධිකරණ ශාලාවේ සියලුම ක්‍රියාකාරකම් සජීවීව විකාශය කිරීමට අවසර දීම පිළිබඳව එහි විනිසුරුවරයා කොල එළියක් දල්වා ඇතැයි CNN පුවත් සේවය වාර්තා කරනවා. හිටපු ජනාධිපතිවරයා ඇතුළු චුදිතයින් 18 දෙනෙකුට එරෙහිව මෙම නඩුව විභාග කෙරෙන්නේ 2020 මැතිවරණයේ දුෂණ සහ අපරාධ චෝදනා සම්බන්ධවයි.

Donald Trumpපසුගිය බ්‍රහස්පතින්දා නඩුව විභාග කෙරෙන අවස්තාවේදී ෆුල්ටන් ප්‍රාන්ත සුප්‍රීම් උසාවියේ විනිසුරු Scott McAfee කියා සිටියේ, පළමුව සිය උසාවි යු ටියුබ් නාලිකාවට විකාශය කළ හැකි සියලු නඩු ලබාදෙන බවයි. එදින, විනිසුරුවරයා විසින් පටිගත කිරීම් හැර ජංගම දුරකථන සහ පරිගණක ඉලෙක්ට්‍රොනික උපාංග උසාවිය තුළදී පාවිච්චි කිරීමට මාධ්‍යවේදීන්ට අවසර දෙන ලෙස නියෝග කර තිබුණා. මෙම තීන්දුවට විරුද්ධව පෙනී සිටීමට විත්තියේ නීතිඥයින් හෝ පැමිණිලිකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් නොවීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, තීන්දුව වෙනස් වීමට යටත් වන අතර ෆෙඩරල් උසාවියට ගෙන යන නඩුවේ කිසිදු කොටසකට මෙම තීන්දුව අදාළ නොවන බව ෆුල්ටන් ප්‍රාන්ත උසාවිය වැඩිදුරටත් පවසා සිටිනවා.

-CNN News ඇසුරෙනි-

Photo Credit: www.reddit.com / www.vozwire.com

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you