NewsRussian Pilot රුසියානු ප්‍රහාරක ගුවන් නියමුවෙකු යුක්‍රේනයට පලායයි

Russian Pilot රුසියානු ප්‍රහාරක ගුවන් නියමුවෙකු යුක්‍රේනයට පලායයි

-

spot_img

Russian Pilot – යුක්‍රේනයට පැන ගිය රුසියානු හෙලිකොප්ටර් නියමුවෙකු එරට ආරක්ෂක බුද්ධි අංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගේ Mi8 ප්‍රහාරක හෙලිකොප්ටරයෙන් දේශ සීමාව හරහා පියාසර කිරීමේ නිර්භීත මෙහෙයුම පිළිබඳ තොරතුරු හෙළි කර තිබෙනවා. යුක්‍රේන බුද්ධි අංශ නිලධාරීන් විසින් Maxim Kuzminov ලෙස නම් කරන මෙම ගුවන් නියමුවා සම්මුඛ සාකච්ඡාවේදී, තම පලායෑම සැළසුම් කළ ආකාරය සහ ඔහුට එසේ කිරීමට බල කළේ මන්දැයි යන්න පැහැදිලි කර තිබෙනවා.

“මම යුක්‍රේන බුද්ධි අංශ නියෝජිතයින් සම්බන්ධ කරගෙන, මගේ තත්වය පැහැදිලි කළා, ඔවුන් මට මෙම විකල්පය ලබා දුන්නා. ඔවුන් “එන්න, අපි ඔබේ ආරක්ෂාව සහතික කරනවා, මෙහි ජීවත්වීමට අවශ්‍ය නව ලියකියවිලි,විසා බලපත්‍ර ලබාදෙන බවට සහතික වෙනවා, මුදල් වන්දි, ත්‍යාගයක් ලබාදෙනවා” යැයි තමන්ව දිරිගැන්වූ බව ගුවන් නියමුවා සඳුදා මුදාහරින ලද සාකච්ජාවේදී පැවසුවා. එමෙන්ම යුක්‍රේන ආරක්ෂක බුද්ධි අංශ ප්‍රධානී Kyrolo Budanov, යුක්‍රේන නිලධාරීන් ගුවන් නියමුවාට ඉවත් වීමට උදව් කළ ආකාරයද විස්තර කර තිබුණා. “අවසානයේදී සිදුවන්නේ කුමක්දැයි නොදන්නා කාර්ය මණ්ඩලයක් සමඟ ඔහුට මෙම ගුවන් යානය භාර ගැනීමට හැකි වන පරිදි කොන්දේසි නිර්මාණය කිරීමට අපට හැකි වුණා, ඔහු සමඟ තවත් දෙදෙනෙක් සිටියා. පුද්ගලයන් තිදෙනෙකුගෙන් යුත් සම්පූර්ණ කාර්ය මණ්ඩලයක්. ඔවුන් ගොඩ බැස්සේ කොතැනකදැයි දැනගත් පසු ඔවුන් පැන යාමට උත්සාහ කළත්, වාසනාවකට,අපිට ඔවුන්ව ජිවිත හානියකින් තොරව බේරාගැනීමට හැකිවුණා.” යැයි ඔහු Radio Liberty වෙත පවසා තිබුණා.

Russian Pilot

“නාසීන් හෝ ෆැසිස්ට්වාදීන් නැති මෙතන වෙන්නේ ඇත්තටම අපකීර්තියක්. ඝාතනය, කඳුළු,ලේ. මිනිසුන් සරලවම එකිනෙකා මරා ගන්නවා. මට මෙයින් එක කොටස්කරුවෙකු වීමට අවශ්‍ය වුයේ නැහැ” යනුවෙන් පවසන පලාගිය ගුවන් නියමුවා, සිය හමුදාවේ අනෙකුත් රුසියානුවන්ගෙන් යුක්‍රේනයට පලා යන ලෙස ඉල්ලා සිට ඇත. CNN වාර්තාකරුවන් හට නියමුවාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති නමුත්, ස්වාධීන රුසියානු නාලිකාවක් වන Agenstvo පවසා තිබුණේ, ඔහුගේ සමාජ මාධ්‍ය පැතිකඩ සොයාගෙන ඇති බවත් ඔහු නැගෙනහිර හමුදා දිස්ත්‍රික්කයේ 319 වන හෙලිකොප්ටර් රෙජිමේන්තුවේ ප්‍රහාරක නියමුවෙකු බවත්ය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ මනා සම්බන්ධතා ඇති යුක්‍රේන මාධ්‍යවේදී Yuriy Butusov මීට පෙර වාර්තා කළේ “හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම නොවෙනස්ව පවතින අතර එහි උපකරණ සවිස්තරාත්මක පරීක්‍ෂණයකින් පසු යුක්‍රේන සන්නද්ධ හමුදාවට එක් කරනු ඇති” බවයි.

-CNN News ඇසුරෙනි-

Photo Credit: www.cnnnews.com

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you