NewsPiumi Hansamali කියන්නේ කවුද?

Piumi Hansamali කියන්නේ කවුද?

-

spot_img
Piumi Hansamali කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුල පුවත් මවන්නියක්. පියුමි හංසමාලි විසින් උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් පසුගිය දිනෙක ‘මගෙන් රටට’ සංවිධානයේ ලේකම් සංජය මහවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කල පැමිණිල්ලක් සමග පියුමි හංසමාලි ගැන නැවතත් කතාබහක් ඇතිව තිබේ.
piumi-hansamali-photo

කවුද මේ Piumi Hansamali?

පට්ටියාගේ නිහාල් ලක්ෂ්මන් ගෝමස් සහ මව වසන්ති පෙරේරාට දාව කලපලුවාව රාජගිරියේදී 1992 නොවැම්බර් 22 උපත ලද පට්ටියාගේ පියුමි හංසමාලි ගෝමස් පවුලේ එකම දරුවායි. ඇය අධ්‍යාපනය හදාරන්නේ රාජගිරිය ශ්‍රී සෝභිත විද්‍යාලයෙන්. 2010-2011 කාලය තුළ රෝසැන් ඩයස් යටතේ නිරූපන ශිල්පය හදාරා ඇය නිරූපිකාවක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනවා. එම කාලය තුල සැමියා නොමැති එක්දරු මවක් ලෙසද ඇය සමාජය තුල ප්‍රසිද්ධියට පත්වනවා. 2014 දී පියුමි ඇයගේ ප්‍රථම ටෙලිනාට්‍යය වන ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කල ‘රිතු’ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වනවා.
piumi-hansamali-drama-and-film
2018 දී පියුමි උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද වස්සානයේ සඳ චිත්‍රපටය සමඟින් සිය ප්‍රථම සිනමා රංගනයට දායක වනවා. 2019 දී, ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන අනිල් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයකට ශ්‍රී ලාංකික නාට්‍යකරුවෙකු වන ජැක්සන් ඇන්තනි සමඟ ප්‍රධාන චරිතය නිරූපණය කළා. 1992 දී යශෝධා විමලධර්ම ඉන්දීය චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑමෙන් පසු ශ්‍රී ලාංකික නිළියක් මෙවැනි චිත්‍රපටයකට දායක වූ දෙවැනි අවස්ථාව මෙයයි. මෙම කාලය තුළ ඇය ජාත්‍යන්තර නිරූපණ තරඟ කිහිපයක් නියෝජනය කරන අතර වෙළඳ දැන්වීම් සහ Music Videos කිහිපයකම පෙනිසිටිනවා. ඉන්පසු සමාජ මාධ්‍ය තුල චරිතයක් වන පියුමිට Facebook හි අනුගාමිකයන් 577,000 ක් සහ Instagram හි අනුගාමිකයන් මිලියන 2.2 ක් සිටිනවා. ඒ වගේම TikTok ගිණුමේ අනුගාමිකයින් මිලියන 1.6 ක් ද සිටිනවා. වාර්තා වන ආකාරයට ඇය 2022-04-19 වෙනි දින සිට ව්‍යාපාරයක් ලෙස සම පැහැපත් කරන ‘ලෝලියා’ නම් ක්‍රීම් අලෙවි කරන සමාගමක් පවත්වාගෙන යනවා.
පියුමි සමාජ සත්කාර කටයුතුවට දායක වන කෙනෙකු ලෙස පසුගිය කාලය තුල ඇයගේ සමාජ මාධ්‍ය පිරික්සීමේදී අපට පෙනීයනවා. දුප්පතුන්ට යම් යම් දේවල් පරිත්‍යාග කිරීම, මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීම වැනි දෑ පියුමි තම සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය කර තිබුනා.
piumi hansamali donations

Piumi Hansamali ට එල්ල වන චෝදනා.

පියුමි පසුගිය කාලය තුල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ රේන්ජ් රෝවර් රථය මෙන්ම ‘ද ග්‍රෑන්ඩ්’ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවසක් ද මිලදී ගෙන තිබුණා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ CDM 1949 දරන රේන්ජ් රෝවර් රථයේ මිල රුපියල් ලක්ෂ 780 කි. මෙම වාහනයේ පෙර හිමිකරු ධනවත් ව්‍යාපාරික මධුර වික්‍රමරත්න වන අතර, වසර 40කට හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව භාරව සිටින්නේද මධුර වික්‍රමරත්නයි. මෙම මෝටර් රථය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා ලබාදී තිබෙන්නේ මධුර වික්‍රමරත්න විසිනුයි. පියුමි “ද ග්‍රෑන්ඩ්” නිවාස සංකීරණයෙන් මිලදී ගත් සුපෝඛභෝගී නිවසේ වටිනාකම ලක්ෂ 148 ක්. මෙම අලුත් නිවස මිලදී ගැනීමට පෙර කුලී පදනම මත ඇය පදිංචිව සිට ඇත්තේ ‘හිල්ටන් රෙසිඩන්ස්’ නිවාස සංකීර්ණයේයි.
තවද ඊයේ (05) පියුමි හංසමාලි නමට ලියාපදිංචි කළ තවත් සුඛෝපබෝගී BMW වර්ගයේ මෝටර් රථයක් රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නාවල නිවසේ ගරාජයේ තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සොයා ගන්නවා. පියුමිට එල්ලවී ඇති චෝදනාව වන්නේ මෙසේ වියදම් කිරීමට ඇයට මුදල් ලැබුණේ කෙසේද..? යන්නයි. 2022 වසරේ ආරම්භ කළ ව්‍යාපාරයකින් මෙතරම් මුදල් ප්‍රමාණයක් උපයාගත හැකිද..? පැමිණිලි පාර්ශවය මෙන්ම විමර්ශන අංශද අවධානය යොමු කරන කාරණා මේවාය.

චෝදනා වලට Piumi Hansamali  ගේ ප්‍රතිචාරය.

මෙම චෝදනා වලට පිළිතුරු දෙමින් පියුමි හංසමාලි ප්‍රධාන මාධ්‍ය තුලත් ඇයගේ සමාජ මාධ්‍ය තුලත් පවසන්නේ තමන් මෙම සියලුම වත්කම් සොයාගත්තේ තමන් ආරම්භ කල ක්‍රීම් අලෙවි කරනු ලබන ලෝලියා නම් ව්‍යාපාරයෙන් බවයි. තමන් ව්‍යාපාරය ආරම්භ කල දවසේ සිට මේ දක්වා රු. 35000 ක් මිල වන ක්‍රීම් පාර්සල් 25000ක් අලෙවි කල බව ඇය පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත පවසා තිබුනා. ඒ බව සනාථ කිරීමට ඇය ලියකියවිලිද මාධ්‍ය වෙත පෙන්වා තිබුනා. කෙසේ නමුත් ‘ලොලියා’ යන සමාගම යටතේ සම සුදුකරන ක්‍රීම් වර්ග ඇතුළු නිෂ්පාදන බෙදාහැරීම් කළ කුරියර් සේවා ආයතන දෙකක් ගෙන්වා කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා තිබුනේ ‘ක්‍රීම් පැක්‘ අලෙවි වූයේ 3500 ක පමණ ප්‍රමාණයක් පමණක් බවයි. එම සමාගම් දෙක ඊට අදාළ රිසිට් පත්ද ඉදිරිපත් කර තිබුනා. ඇයගේ නමට ලියාපදිංචි කර තිබු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සොයාගත් BMW රථය ගැන ඇය පවසන්නේ එම රථය මීට අවුරුද්දකට පමණ පෙර ඇය විකුණා දැමු එකක් බවයි. තවමත් එය තමා නමින් තිබෙන්නේ මිලදී ගත් එම ව්‍යාපාරිකයා සම්පුර්ණ මුදල ගෙවා නොමැති නිසාවෙන් බවයි පියුමි පවසන්නේ. අත්අඩංගුවට පත් එම ව්‍යපරිකයා පොලිස් අත්අඩංගුවේදී විමර්ශන නිලධාරීන්ටද එ බව පවසා තිබුනා.

piumi hansamali bmw

පොලිසියේ ප්‍රතිචාරය

මේ වන විට පැණිල්ල සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගෙන පියුමි හංසමාලි සහ ඇයගේ ඥාතීන් විසින් ප්‍රමුඛ පෙළේ බැංකු අටක පවත්වාගෙන ගොස් ඇති බැංකු ගිණුම් 19ක වාර්තා ලබා ගැනීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා. පොලීසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින් සිටින බවයි.
Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය

කරුප්පුසාමි දෙවියන්ගේ අවතාරය - Karuppu Karuppu (2026) චිත්‍රපටය සමකාලීන දකුණු ඉන්දියානු සිනමාවේ සමාජ, දේශපාලන සහ සංස්කෘතික තේමා විමර්ශනය කරන වෙනස්ම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you