Newsනිවාස ඇමති UDA අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය අත්හිටුවයි

නිවාස ඇමති UDA අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය අත්හිටුවයි

-

spot_img

UDA – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයාගේ තීරණයක් මත නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගේ සේවය අත්හිටුවා තිබේ. අමාත්‍යවරයාට ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇති බව ඒ පිලිබඳ තීරණය ලිඛිතව ඒ මහතාට දැනුම් දී ඇති බව සඳහන්. ඒ, උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන කඩිනම් කිරීමට ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීමේ චෝදනාව මත ය.

මාධ්‍ය වෙත වාර්තා වන ආකාරයට එයට සබැ හේතුව වන්නේ පසුගිය දිනක නාගරික සංවර්ධන අධිකාරියෙහි පැවැත්වූ සාකච්ඡාවක් අතරතුර නීතිමය රාමුවෙන් පරිබාහිරව රුපියල් බිලියන 80 ක මුදලක් වැය කරන ලෙසට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීරට අමාත්‍ය වරයා නියෝග කිරීමත්, එයට අධ්‍යක්ෂ ජනරාල්වරයා අකමැත්ත පලකිරිමත්ය.

වනාතමුල්ලේ සිරිසරපුර සහ දෙමටගොඩ මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණ වල නිල වශයෙන් ලක්ෂ තුනක මුදලක් පියවා තිබූ හිමිකරුවන් හට ඔප්පු ප්‍රදානය කිරීම සඳහා කටයුතු කළ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණසිංහ එම ඔප්පු සඳහා වූ මුද්දර ගාස්තු රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඉල්ලුම් කර තිබිණ. එම මුදල නාගරික සංවර්ධන අධිකාරියේ ස්ථිර තැන්පතු කල් පිරීමට මත්තෙන් ආපසු ගෙන වැය කරන ලෙස එම සාකච්චාවේදී අමාත්‍ය වරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ. නමුත් එම වැය කිරීම ඇමතිවරයාගේ වාචික හෝ ලිඛිත ඉල්ලීම මත සිදු කළ නොහැකි බවත් ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය අවශ්‍ය බවත්, එහි නීතිමය තත්වයන් පිළිබඳවත් අධ්‍යක්ෂ ජනරාල් වරයා ඒ අවස්ථාවේ අමාත්‍යවරයාට පැහැදීලි කර දී ඇත.

එයින් සෑහීමට පත් නොවූ අමාත්‍යවරයා සුපුරුදු වාග් මාලාවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයාට බැනවැදී ඇති බවත්, ඒ අවස්තාවෙදීම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිහිටුවන බවටත් ප්‍රකාශ කර ඇත. එහි ප්‍රතිපලයක් ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවා ඇති බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග ඔස්සේ අපට වාර්තා වන්නේ.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක්

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක් - සීතාවක උද්භිද උද්‍යානය මෙරට උද්භිද උද්‍යානයක් මුලින්ම නිර්මාණය වන්නේ 1821 දීය. ඒ පේරාදෙණිය රාජකීය උද්භිද...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you