ArtMothering Sunday ලොවට රහසේ පෙම්කළ ධනවතෙකු සහ ඔහුගේ සේවිකාවගේ...

Mothering Sunday ලොවට රහසේ පෙම්කළ ධනවතෙකු සහ ඔහුගේ සේවිකාවගේ කතාව

-

spot_img

Mothering Sunday – ඇගේ ජීවිතයේ අමතක නොවන දිනයන් අතරේ ඒ දිනයත් නිසැකවම ඇති. ජේන් ඒ මොහොතේ සිටියේ අමුත්තන්ට සංග්‍රහ කරමින්. ඈ ඔවුන්ට මධුවිතෙන් සංග්‍රහ කරමින් සිටියා. ඒ අමුත්තන් අතරේ ඔහුත් සිටියා. පෝල්..ඇයගේ ප්‍රේමය. ඒ විතරක් නෙමෙයි එතැන තව සුවිශේෂි කෙනෙකුත් සිටියා. ඇය එමා. පෝල් සහ එමා සිටියේ නුදුරේදීම විවාහ වීමේ බලාපොරොත්තුවෙන්. ධනවත් පවුලක සේවිකාවක වශයෙන් සිය පෙම්වතා සහ ඔහුගේ අතගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මනාලිය ඇතුළු ආගන්තුකයන්ට සංග්‍රහ කරන්නට වීම කුමන අන්දමේ හැඟීමක් වෙන්නට ඇතිද…? නමුත්, කුමන ලෙසකින්වත් තම හැඟීම් පිටතට නොපෙන්වා සිත දැඩි කරගෙන ඉන්නට ඇයට සිදුවුණා.

Mothering Sunday

සේවිකාවක වූ ඇයත් ධනවතෙකු වූ ඔහුත් සෑම නිවාඩු දිනකදීම ලොවටම රහසේ මුණගැහුණා. ඔහු සමගින් ගතකළ ප්‍රේමයෙන් පිරුණු, සරාගී නිමේෂයන් ඇය අමතක කරන්නේ කෙසේද..? ජීවිත කාලය තුළදී නම් එය කිරීමට නොහැකි වේවි. නුදුරේදීම අන්සතු වන්නට නියමිත වූ ඔහු මොනතරම්නම් කඩවසම් යෞවනයෙක්ද…? මේ ආදරණීය පෙම්‍ යුවළගේ ඉරණම කුමක්ද..? පිළිතුරු නොමැති ගැටළුවලට කාලය විසින් පිළිතුරු සපයා දෙනු ඇති.

Mothering Sunday

සැබැවින්ම කාලය වේගයෙන් ඉගිළ ගොස් තිබුණා. සේවිකාවක් ලෙසින් කුමරුවෙක්ට පෙම් කළ යුවතිය කාලයත් සමගින් ලේඛිකාවක් වී තිබුණා. ලේඛිකාවක් වූයේ කෙසේ දැයි සමීපතමයන් ඇගෙන් ප්‍රශ්න කළ විට තමා ඉපදුන නිසාත්, තමාට යතුරු ලියනයක් ලැබීම නිසාත්, තවත් එක්තරා හේතුවක් නිසාත් තමා ලේඛිකාවක වූ බව ජේන් පැවසුවා. ඒ “එක්තරා හේතුව” හෙළිදරව් කිරීමට ඈ කැමති වූයේ නැහැ. සැබැවින්ම එම එක්තරා හේතුව ඔහුද..? වසර ගණනාවක්, දශක ගණනාවක් ගෙවී ගියද ඔහු කෙරේ ඇගේ ප්‍රේමය තවමත් යෞවනියකගේ ප්‍රේමය තරමටම හැඟීම්බරයිද…? ඔවුන්ගේ පෙම් කතාවට සිදුවූයේ කුමක්ද..? ලොවටම රහසේ තම හැඟීම් හදවතේ ගල් කරගත් සිතකට නිදහස් වීමට, තම සිතිවිලිවලින්ම නිදහස් වන්නට ඇති එකම මග ලේඛනය වූ කළ, දහසක් වේදනා හැඟීම් අකුරු කළ ඈ පාඨක ආදරය අසීමිතව දිනූ විශිෂ්ඨතම ලේඛිකාවක් වීම අරුමයක් වෙන්නේ කෙසේද…?

Mothering Sunday

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you