NewsMorocco earthquake සුන්බුන් අතර සිරවූ ජිවිත බේරාගැනීමට දැඩි සටනක්

Morocco earthquake සුන්බුන් අතර සිරවූ ජිවිත බේරාගැනීමට දැඩි සටනක්

-

spot_img

Morocco earthquake පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මොරොක්කෝව තුළ සිදුවූ භූමිකම්පාවෙන් තවමත් සුන්බුන් යට සිරවී සිටින අය බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයි වාර්තා වනවා. ජීවිතාරක්ෂක කණ්ඩායම් වලට එම ස්ථාන වෙත යන්ත්‍ර සූත්‍ර රැගෙන යෑම දුෂ්කර හෙයින් ගැමියන් දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා අතින් හා සවල් මඟින් සුන්බුන් හාරමින් සිටිනු දක්නට ලැබෙන බව BBC පුවත් සේවය වාර්තා කරයි. එහෙත්, දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශ සමහරක් ඉතා දුරින් පිහිටා ඇති හෙයින් භූමිකම්පාවෙන් පසු දින කිහිපයක් ගතවුවද ඒ පෙදෙස් වලට ළඟා වීමට නොහැකි වී තිබෙන අතර තුවාල ලැබූ හා සුන්බුන් අතර සිරවූ බොහෝ දෙනෙකුට වඩාත්ම තීරණාත්මක කාල පරිච්ඡේදය මෙය බව මොරොක්කෝ සහන සේවා නිලධාරීන්ගේ අදහසයි.

Morocco earthquake

දරුණු ලෙස බලපෑමට ලක් වූ බොහෝ ප්‍රදේශ පිහිටා ඇති හයි ඇට්ලස් කඳුකරයට යන මාර්ගය පස් කඳු කඩා වැටීමෙන් අවහිර වී තිබෙනවා. ප්‍රාදේශීය රෝහල් හිස්ව ගොස් ඇත්තේ ඒවාට ඇතුළු වීම අනාරක්ෂිත නිසාය. ඒ වෙනුවට රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ රෝහල් භූමිය තුල තනා ඇති තාවකාලික කූඩාරම් වලය. රෝහල් අවට වීදි විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන්, අධික වාහන තදබදය සහ භූමිකම්පාවෙන් සියල්ල අහිමි වූවන්ගෙන් පිරී ඇත. නිවාස අහිමි වූ මිනිසුන් සඳහා මාර්ග දෙපස තවත් කූඩාරම් තනා ඇති නමුත් සෑම කෙනෙකුටම ඒවා ප්‍රමාණවත් තරමින් නොමැත. බිම අතුරා ඇති පාපිසි මත මිනිසුන් දහස් ගණනක් නිදා සිටිනු පෙනෙන්නට තිබේ.

වසර සියයකට පමණ පසුව මොරොක්කෝවට බලපෑ දරුණුතම භූමිකම්පාවෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 2,122 ක් මිය ගොස් 2,421 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර එරට රජය දින තුනක ශෝක දිනයක් සහ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ. ලේ බැංකු, ජලය, ආහාර, කූඩාරම් සහ බ්ලැන්කට් තොග වැඩි කිරීම සඳහා සිවිල් ආරක්ෂක ඒකක යොදවා ඇති බව එරට රාජකීය මාළිගාව පවසා තිබෙනවා.

-BBC News ඇසුරෙනි-

Photo Credit: www.middleeasteye.com / www.indianexpress.com

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you