NewsMedical staff වෛද්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂාව සඳහා යෝජනාවලියක්

Medical staff වෛද්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂාව සඳහා යෝජනාවලියක්

-

spot_img

Medical staff – අනුරාධපුර රෝහලේ වාර්තා වූ ඛේදවාචකය පදනම් කරගෙන සමස්ත සෞඛ්‍ය සේවයේ ආරක්ෂාව සම්බන්ධව පැන නැඟී ඇති ගැටළු වලට විසඳුම් ලබාගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව යෝජනා මාලාවක් රජය වෙත ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය සමිති සහ වෘත්තික කණ්ඩායම් කිහිපයක් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කාන්තා සෞඛ්‍ය හා අයිතිවාසිකම් පිළිබඳ අනුකමිටුව, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, යනාදී සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති හා කණ්ඩායම් ඒ පිළිබඳව යෝජනා සහ අදහස් දක්වා තිබිණි.

සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂාව සඳහා “රෝහල් කමිටු” පණගැන්විය යුතු යැයි ද මහජනතාව හා බද්ධ වූ ප්‍රායෝගික වැඩපිළිවෙලක් බවට එය පත්විය යුතු බවත් රාත්‍රී කාලයේ රාජකාරියේ නිරත සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව ගැන එහිදී වැඩි අවධානය යොමු කළ යුතු අතර හෙදියන්ට ආරක්ෂිත ප්‍රවාහන සේවා සැපයීම සඳහා ලංගම බස් රථ යොදා ගැනීමට හැකි යැයි ද සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින සියලු සේවා ලබාගැනීමට පැමිණෙන මහජනයා ද ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල සකස් කළ යුතුව ඇතැයි ද එම සංවිධාන අවධාරණය කරති. දැනටමත් සෑම රෝහලක ම රෝහල් කමිටු පවතින බැවින් ඒවා පණගැන්වීම සඳහා අදාළ ප්‍රදේශයේ වැසියන්ගේ සහාය ලබාගැනීමට හැකි යැයි ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කාන්තා සෞඛ්‍ය හා අයිතිවාසිකම් පිළිබඳ අනුකමිටුවේ සභාපති මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ පවසයි. එහිදී, ප්‍රදේශයේ ආගමික හා සිවිල් නායකයන්ගේ මෙන් ම තරුණ කණ්ඩායම්වල ද සහාය ලබාගෙන ශක්තිමත් ආරක්ෂක පවුරක් හැටියට රෝහල් කමිටුව භාවිත කළ හැකි වනු ඇතැයි ද මහාචාර්යවරිය සඳහන් කර තිබිණි.

රෑ වැඩමුර නිම කර වාසස්ථාන වෙත යන රජයේ රෝහල්වල හෙදියන්ට ලංගම බස්රථ යොදාගෙන ප්‍රවාහන පහසුකම් සලසා දෙන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි. සේවය නිම කර රාත්‍රී කාලයේදී ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී හෙදියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ ගැටළු පැනනැගී ඇතැයි ද ලංගම ඩිපෝ මගින් ඊට පහසු විසඳුමක් සැලසිය හැකි යැයි ද, දැනට කොළඹ ජාතික රෝහලේ හෙදියන් ප්‍රවාහනය සඳහා එවැනි ක්‍රමයක් භාවිත කෙරෙන බව කී හෙතෙම, සෙසු රෝහල්වලට ද එය යොදාගත හැකි යැයි එම සංගමයේ උප ලේකම් සමීර චතුරංග සඳහන් කර තිබිණි.

රජයේ රෝහල්වල පවතින භෞතික සම්පත්වල හා ආරක්ෂාවේ අඩුපාඩු ගැන සොයා බැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝහල් මට්ටමින් කමිටු පත්කළේ යැයි එහි සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසීය. එම කමිටු සංගමයේ පළාත් සම්බන්ධීකරණ කමිටුවලට තොරතුරු දැනුම් දෙනු ඇතැයි හෙතෙම කීය. රෝහල් පරිශ්‍ර හා ඒ අවට ආරක්ෂාව සපයා ගැනීමේදී මතට ඇබ්බැහිවූවන් විශාල තර්ජනයක් වී ඇතැයි ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ඩබ්ලිව්.ඒ.ඩී. විමලරත්න පවසයි. මෙම තත්ත්වය සෞඛ්‍ය වෛද්‍ය ක්‍ෂේත්‍රවලින් ඔබ්බට පොදු ජන සමාජයට ම බලපෑම් කරමින් ඇතැයි කී හෙතෙම රෝහල් පරිශ්‍රවල භෞතික සම්පත් රැකගැනීමට නම් මෙම තත්ත්වයට මුහුණ දිය හැකි පියවර අනුගමනය කළ යුතු යැයි අවධාරණය කළේ ය. ඇතැම් අවස්ථාවල රෝහල් පරිශ්‍රවල විදුලි බල්බ ආදියේ සිට විවිධ සම්පත් සොරකම් කිරීම හා කඩා බිඳ දැමීම දක්වා මෙම තත්ත්වය වර්ධනය වී ඇතැයි ද මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානයක් යොමු විය යුතු යැයි ද සභාපතිවරයා පැවැසීය. මෙම ප්‍රශ්න පොදුවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලු පාර්ශ්වවලටම බලපාන බැවින් මෙම කටයුතුවලදී වෘත්තික කණ්ඩායම් භේදභින්න නොවී ‘පංගුපේරු’ ප්‍රතිපත්තියෙන් මිදිය යුතු යැයි ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවැසුවේ, ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ගැටලු ගැන බලධාරීන් දැනුවත් කළේ කලෙක සිට බව ය. මාල කඩාගෙන යෑමේ සිට බොහෝ අතවරවලට ලක්වන පාර්ශ්වයක් බවට හෙදියන් පත්ව ඇතැයි කී උන්වහන්සේ ඔවුන් මෙතෙක් කලක් සේවය කළේ ඒවා නිහඬව විඳ දරාගෙන යැයි ද පැවැසූහ. එහෙත් කිසිදු අවස්ථාවක වැඩ වර්ජන මගින් රෝගීන් පීඩාවට පත්කිරීමේ වුවමනාවක් හෙදියන්ට නැතැයි ද මෙම සියලු ගැටළු එක්සත්ව මිත්‍රශීලී ලෙස විසඳා ගැනීම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ අභිප්‍රාය යැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

බොහෝ රෝහල්වල වාට්ටුවලින් එපිටට යද්දී රාත්‍රි විදුලි පහන් අක්‍රිය වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය අශෝක ගුණරත්න පැවසීය. අවට වටපිටාවේ කැලෑ වැවී සර්පයන්ට රජදහනක් වූ රෝහල් පරිශ්‍ර බොහෝමයක් ඇතැයි කී හෙතෙම එවැනි රෝහල්වල ‘ඔන්කෝල්’ කාමර ද ඉතා අනාරක්ෂිත යැයි ද රෝහල් පිවිසුමේ ආරක්ෂකයන් සිටියත් වැට මායිම් හා තාප්පවලින් නාඳුනන තැනැත්තන්ට පිවිසිය හැකි යැයි ද ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරීන් හඹා යද්දී ආරක්ෂාව පතා සැකකරුවන් දිව එන්නේ රෝහලට යැයිද ඔහු විස්තර කළේය.

1 COMMENT

Comments are closed.

Latest news

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...
- Advertisement -spot_img

තෙල්ගමු ඔය හරහා පාගමනින් පිටවලපතනට

තෙල්ගමු ඔය හරහා පාගමනින් පිටවලපතනට - Thulana Travel අපේ රට සොබා දහමේ අපූර්වත්වයෙන් පිරුණු රටකි. ලොව නන් දෙසින් මෙරටට ඇදෙන්නේ...

තනිවෙන්න හිතෙන එක ලෙඩක්ද?

තනිවෙන්න හිතෙන එක ලෙඩක්ද? ''මට ටිකක් තනියම ඉන්න දෙන්න'' මේ ඔබට හුරු පුරුදු වාක්‍ය කණ්ඩයක් වනවාට සැක නැත. ඒ් තනියම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you