NewsMariam Abu Dagga ගාසා තීරයේදී මියගිය මාධ්‍යවේදිනිය සිය පුතුට...

Mariam Abu Dagga ගාසා තීරයේදී මියගිය මාධ්‍යවේදිනිය සිය පුතුට යැවූ ලිපිය

-

spot_img

Mariam Abu Dagga නම් මාධ්‍යවේදිනිය ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා. ගාසා තීරයේදී මාධ්‍යවේදීන් ඝාතනය කිරීම මේ වන විට සුලබ සිද්ධියක් වී අවසන්. මෙසේ මියගොස් ඇත්තේ 33 හැවිරිදි ඡායාරූප මාධ්‍යවේදිනියක් (Photojournalist). පසුගිය මාස 22 පුරාවටම ඇය ගාසා තීරයේ වැසියන්ගේ දුක් වේදනා ලෝකයට හෙළිදරව් කළ අතර එම ඡායාරූපවල ඔවුන්ගේ මනුෂ්‍යත්වය සහ වේදනා දැඩිව ඉස්මතු වී තිබුණා.

Mariam Abu Dagga

වයස තිස් තුනක් වුවද ඇය සිය අවසන් කැමති පත්‍රය සකස්කර තිබුණා. තමා මියගියොත් අඬන්නට එපා යැයි ඈ සිය සමීපතමයන්ට පවසා තිබුණා. සිය 13 හැවිරිදි පුතුව වසර එකහමාරකින් පමණ නොදුටු ඇය ඔහුව මුණගැසීමේ අපේක්ෂාවෙන් සිටියා.

Mariam Abu Dagga

“මගේ ආදරණීය පුතේ, සාර්ථක වෙන්න. විශිෂ්ටයෙක් වෙන්න. ව්‍යාපාරිකයෙකු වෙලා ඔයා මට ආඩම්බරයක් ගෙනැත් දෙනවානම් මම කැමතියි. ඔයා ලොකු වුණාම, කසාද බැඳලා දුවෙක් ලැබුණාම, එයාට Mariam කියලා නම තියන්න. ඔයා තමයි මගෙ ආදරේ. මගේ ආත්මය. මම ඔයා ගැන ආඩම්බර වෙනවා ”

ඇය සිය පුතුට එසේ ලියා තිබුණා. අල් නසාර් රෝහලේදී ප්‍රහාරයට ලක්ව සිටි අයෙක් පරීක්ෂා කිරීමේදී ඊශ්‍රායල ප්‍රහාරයකින් ඇය ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙක් ඊයේ (අගෝස්තු 25) මරණයට පත්ව සිටියා. ඊශ්‍රායලය 2023 ඔක්තෝම්බර් 7 වැනිදා සිට මේවන විට පලස්තීන මාධ්‍යවේදීන් 192 කට අධික පිරිසක් ඝාතනය කර තිබෙනවා.

– The Guardian ඇසුරිනි –

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

පැණි රසට කැමති අයට හකුරු පුඩිං

පැණි රසට කැමති අයට හකුරු පුඩිං - Jaggery Pudding පැණි රසට කැමති අයට ගැළපෙනම අතුරුපසක් තමයි හකුරු පුඩිං කියන්නෙ. ගෙදරදීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you