NewsMariam Abu Dagga ගාසා තීරයේදී මියගිය මාධ්‍යවේදිනිය සිය පුතුට...

Mariam Abu Dagga ගාසා තීරයේදී මියගිය මාධ්‍යවේදිනිය සිය පුතුට යැවූ ලිපිය

-

spot_img

Mariam Abu Dagga නම් මාධ්‍යවේදිනිය ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා. ගාසා තීරයේදී මාධ්‍යවේදීන් ඝාතනය කිරීම මේ වන විට සුලබ සිද්ධියක් වී අවසන්. මෙසේ මියගොස් ඇත්තේ 33 හැවිරිදි ඡායාරූප මාධ්‍යවේදිනියක් (Photojournalist). පසුගිය මාස 22 පුරාවටම ඇය ගාසා තීරයේ වැසියන්ගේ දුක් වේදනා ලෝකයට හෙළිදරව් කළ අතර එම ඡායාරූපවල ඔවුන්ගේ මනුෂ්‍යත්වය සහ වේදනා දැඩිව ඉස්මතු වී තිබුණා.

Mariam Abu Dagga

වයස තිස් තුනක් වුවද ඇය සිය අවසන් කැමති පත්‍රය සකස්කර තිබුණා. තමා මියගියොත් අඬන්නට එපා යැයි ඈ සිය සමීපතමයන්ට පවසා තිබුණා. සිය 13 හැවිරිදි පුතුව වසර එකහමාරකින් පමණ නොදුටු ඇය ඔහුව මුණගැසීමේ අපේක්ෂාවෙන් සිටියා.

Mariam Abu Dagga

“මගේ ආදරණීය පුතේ, සාර්ථක වෙන්න. විශිෂ්ටයෙක් වෙන්න. ව්‍යාපාරිකයෙකු වෙලා ඔයා මට ආඩම්බරයක් ගෙනැත් දෙනවානම් මම කැමතියි. ඔයා ලොකු වුණාම, කසාද බැඳලා දුවෙක් ලැබුණාම, එයාට Mariam කියලා නම තියන්න. ඔයා තමයි මගෙ ආදරේ. මගේ ආත්මය. මම ඔයා ගැන ආඩම්බර වෙනවා ”

ඇය සිය පුතුට එසේ ලියා තිබුණා. අල් නසාර් රෝහලේදී ප්‍රහාරයට ලක්ව සිටි අයෙක් පරීක්ෂා කිරීමේදී ඊශ්‍රායල ප්‍රහාරයකින් ඇය ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙක් ඊයේ (අගෝස්තු 25) මරණයට පත්ව සිටියා. ඊශ්‍රායලය 2023 ඔක්තෝම්බර් 7 වැනිදා සිට මේවන විට පලස්තීන මාධ්‍යවේදීන් 192 කට අධික පිරිසක් ඝාතනය කර තිබෙනවා.

– The Guardian ඇසුරිනි –

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you