NewsJapan Jobs: ජපානයෙන් ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා

Japan Jobs: ජපානයෙන් ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා

-

spot_img

Japan Jobs: ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වැඩි වශයෙන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස බඳවාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී.සේනානායක මහතා, ජපානයේ IRO ආයතනයේ සභාපති Norikai Suga මහතාගෙන් ඉල්ලා තිබෙනවා. එම ආයතනයේ සභාපති ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් මේ දිනවල මෙරට සංචාරයක නිරතවන අතර, එම සංචාරය අතරතුරදී, විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ එහි ඉහළ කළමනාකාරීත්වය හමුවූ අවස්ථාවේදී සාමාන්‍යාධිකාරීවරයා විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානයේ රැකියා සඳහා යොමුකිරීමට 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජපානයේ IRO ආයතනය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලද අතර, ඒ අනුව මේ වන විට ලාංකිකයින් 25 දෙනෙකුට වැඩි පිරිසක් ජපානය බලා පිටත් කර ඇති බව සඳහන්.

මෙම ඉල්ලීමට ජපන් නියෝජිත පිරිසෙන් යහපත් ප්‍රතිචාර හිමිවූ අතර, තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් වශ‍යෙන් බඳවාගන්නා ශ්‍රි ලාංකිකයින් ඉහල තාක්ෂණික හැකියාවෙන් යුතු කරුණාවන්ත පිරිසක් බව ඔවුන් ප්‍රකාශ කළ බව වාර්තා වනවා. නියෝජිත හමුව සඳහා පුහුණු හා බඳවාගැනීම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා හා IRO වැඩසටහන යටතේ ජපානය බලා යාමට සූදානම්ව සිටින රැකියාලාභීන් 9 දෙනෙකුද එක්ව සිටි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you