IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීමට සිදුකළ පස්වැනි සහ හයවැනි සමාලෝචන වලට විධායක කමිටු අනුමැතිය ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මාර්ගගතව පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එහි වාරික ලෙස ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ලැබෙනු ඇති බවත්, ඒ අනුව මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.4 දක්වා ඉහළ යනු ඇති බවත් ඔහු සඳහන් කළේය. මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලංකාව සාමාන්‍යයෙන් ශක්තිමත් ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද හෙතෙම අනාවරණය කළේය. ඒ යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන මෙරට ආර්ථිකයට ඔරොත්තු දීමේ හැකියාව ඇති කළ බවත් එය දිට්වා සුලි කුණාටුව සහ මැද පෙරදිග අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලංකාවට ලබා දුන් බවත් ඔහු පැවසුවේය.




