NewsGovPay පොලිස් දඩ මුදල් ගෙවීමේ නව ක්‍රමය

GovPay පොලිස් දඩ මුදල් ගෙවීමේ නව ක්‍රමය

-

spot_img

GovPay ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay හරහා රථවාහන වැරදි සඳහා ක්ෂණික දඩ මුදල් Online ගෙවීමේ නියමු ව්‍යාපෘතිය අද (11) ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද සිට ලබන 30 වනදා දක්වා කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරිප්පනේ, කවරක්කුලම හා අනුරාධපුර යන ප්‍රදේශවල මාර්ග ආවරණය වන පරිදි මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. මෙම නියමු ව්‍යාපෘතිය තුළින් සිදුවන අපහසුතා හා අඩුපාඩු හඳුනාගෙන ඒවා සකස්කර ගැනීමෙන් අනතුරුව දිවයින පුරා මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

මේ හරහා Online ක්‍රමයට දඩ මුදල් ගෙවූ පසු ඒ පිළිබඳ ලැබෙන SMS පණිවිඩයකින් අදාළ පොලිස් නිලධාරීයා තහවුරු කර ගැනීමෙන් අනතුරුව, එම අවස්ථාවේදීම රියදුරු බලපත්‍රය මුදාහරින බැවින් මහජනතාවට අපහසුතාවකින් තොරව සේවාව ලබාදීමට හැකි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. ඔබ දැන් භාවිතා කරමින් සිටින හෙළකුරු ඇප් එකේ ඇති රාජ්‍ය ගෙවීම් සේවය හරහාද දැන් ඔබට මෙලෙස දඩ ගෙවීමේ හැකියාව පවතිනවා.

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you