ArtGangubai Kathiawadi බොලිවුඩ් සිහිනයක් කාමාතිපුරයකින් නිමාකළ ගැහැණියක්

Gangubai Kathiawadi බොලිවුඩ් සිහිනයක් කාමාතිපුරයකින් නිමාකළ ගැහැණියක්

-

spot_img

Gangubai Kathiawadi – යෞවනියක් විදිහට ඇය ගතකලේ සැහැල්ලුවෙන්, ප්‍රීතියෙන් පිරුණු ජීවිතයක්. ඈ සතුව සිහින තිබුණා. ඒවා යොවුන් විය සතුවූ සිහින. නැටුම් ගැයුම් වලින් පිරුණු ඒ සිහින බොලිවුඩ් සිනමාපටයක් තරම් සොඳුරුයි. විචිත්‍රවත් සහ වර්ණවත්. දහසය හැවිරිදි ගංගා කාතියවාඩිගේ ලොකුම සිහිනය වුනේ බොලිවුඩ් නිළි යක් වීම. ඒ සිහිනය සැබෑ කර දෙන්නම් යැයි පොරොන්දු දුන් පෙම්වතෙක් ඇයට සිටියා. ප්‍රේමය වෙනුවෙන් තම සිහිනය වෙනුවෙන් ගංගා ඔහු හා රහසේම පැන එන්නට තීරණය කළා. ඒ මෙතෙක් නොදුටු අපූර්වතම ලෝකයකට පිවිසීමේ ආශාවෙන්.

 

සැබැවින්ම ඔහු ඇයව ඈ මෙතෙක් දැක නොතිබූ ලෝකයකට රැගෙන විත් තිබුණා. ඒ පුරවරයේ නම කාමාතිපුරයයි. නොනිදන නගරයක් වූ ඒ පුරවරය නිරතුරුවම වාගේ ආලෝකමත්ව තිබුණා. නෙක නෙක ආභරණ පැළඳූ, විසිතුරු ඇඳුමින් සැරසුන, මුහුණේ වත්සුණු තවරාගත් ස්ත්‍රීන් ඒ පුරවරයේ සෑම තැනකම දක්නට ලැබුණා. ඔවුන්ගේ කෝමල සිනාහඬින්, ඉඟිබිඟි වලින් සහ ඔවුන් වෙත එන්නැයි කරන අඬගැසීම්වලින් කාමාතිපුරය පිරී තිබුණා. ඇගේ පෙම්වතා විසින් ලාබාල ගංගා කාතියවාඩි ව කාමාතිපුරයේ ගණිකා නිවහනකට අලෙවි කර තිබුණා.

Gangubai Kathiawadi

බොලිවුඩ් සිහිනයක් වෙනුවට අමිහිරි, කටුක සහ සිහින පෙරදැරි කරගත් ලාබාල යුවතියකට දරාගන්නට අසීරුතම යතාර්ථයක් ඈ ඉදිරියේ තිබුණා. කාමාතිපුරයේ අඳුරු කාමරයක සිර වූ ඈ ඉදිරියේ ජීවිතය හෝ මරණය යන තීරණ දෙක ඉතිරිව තිබුණා. පැහැදිලිවම ඇය ඉන් එකක් තෝරා ගතයුතුව තිබුණා.

ඒ සිදුවීම වසර කිහිපයකට පෙර අතීතයට අයත් එකක්.

Gangubai Kathiawadi

කාමාතිපුරයේ රැකියාව කරන්නට වීම ප්‍රතිකේෂ්ප කරන යුවතියකගේ දර්ශනයත් සමගින් වර්තමානය ඇරඹෙනවා. මුරණ්ඩු කෙල්ලව විලංගු දමාවත් මෙල්ල කිරීමට හැකියාවක් නැතුවා වගෙයි. ඉතින් මේ යුවතියට උදාවී ඇති තත්වය පැහැදිලි කරන්නට ඈ වෙත කාමාතිපුරයේ බොහොම ප්‍රසිද්ධ ගැහැණියක් පැමිණෙනවා.

 

ඇය ගංගුබායි කාතියවාඩි.

ඇය තවමත් ලාබාල යුවතියක් තරමටම සුන්දරයි. කාමාතිපුරයේ පිපුණු මලක් තරමට සොඳුරුයි. පුරුෂයන් වසඟ කරගැනීමේ කලාවෙන් අගතැන්පත්. පිරිමින්ගේ පමණක් නොව කාන්තාවන්ගේ ඇස්පවා ඈ වෙතටම අලවා ගෙන සිටීමට හැකිතරමේ අභිමානයකින් යුතුයි. කවුද මේ ගංගුබායි කාතියවාඩි..?

Gangubai Kathiawadi

මෙය,මීට වසර කිහිපයකට පෙර පෙම්වතාගේ අතේ පැටලී නිකැලැල්, බියසුළු ජීවියෙක් ලෙසින් කාමාතිපුරයට පැමිණි ගංගා කාතියවාඩි, ගංගුබායි කාතියවාඩි බවට පරිවර්තනය වීමේ අපූරු කතාවයි. සිහිනයකින් ඇහැරී තනිවමම යථාර්ථයට මුහුණ දුන්, කඳුළු අමතක කොට ජීවත්වෙන්නට හිත හදාගත් ධෛර්ය සම්පන්න ගැහැණියකගේ කතාවයි. තම සුන්දරත්වය වියැකී යන්නට නොදී රැකගත්, සුන්දරත්වය අලෙවි කෙරූ, යථාර්ථයට මුහුණ දෙමින් යථාර්ථය හා ගණුදෙනු කිරීමට බිය නොවූ බලසම්පන්න ගැහැණියක් පිළිබඳව කතා පුවතයි. තමාට ලැබුන ජීවිතය ඒ අයුරින් පිළිගනිමින්, සැහැල්ලුවෙන් ජීවත්වෙමින්, ආදරය කරමින් ජීවත් වූ ගංගුබායි කාතියවාඩි සෑම දිනෙකම තම ගෞරවය අලෙවි කළ, සමාජයෙන් පිලිකුල් කෙරූ, ලොව පැරණිතම වෘත්තියේ යෙදුණු ගැහැණුන්ගේ ජීවත්වීමේ අයිතිය, වෘත්තිය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් වැදෙමින් කාමාතිපුරයේ ගැහැණුන්ට යහපතක් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන නොබියව ක්‍රියාකළ ආකාරය පිළිබඳව කතාවයි. අපූරු ගැහැණියකගේ ගැහැණුකමේ කතාවයි.

කාමාතිපුරයට යන්න ලැබීම සොඳුරු අත්දැකීමක්. සොඳුරු ස්ත්‍රීන්ගෙන්, සංගීතය, නර්තනයන්ගෙන් සහ ළයාන්විත ගීත වලින් අනූන ඒ සොඳුරුබව සංජේ ලීලා බන්සාලිගේ සිනමාපටයන්ටම ආවේණික වූ හැඩයන්ගෙන් සමන්විතයි.

 

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you