NewsFormer Sports Minister අලුත්ගමගේ කරපු අලුත් අලුත් සෙල්ලම්

Former Sports Minister අලුත්ගමගේ කරපු අලුත් අලුත් සෙල්ලම්

-

spot_img

Former Sports Minister – මහින්දානන්ද අලුත්ගමගේ යනු නොනවත්වාම නඩුවලදී නම කියැවෙන හිටපු අමාත්‍යවරයෙකි. 2014 වසරේ සැප්තැම්බර් සහ දෙසැම්බර් අතර කාලයේ කොළඹදී සතොස ආයතනයට ගෙන්වූ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතුවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදා දී රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළ බව කියමින් ඔහු ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා හයක් යටතේ පවරා ඇති නඩුව ඉන් එකකි. එම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා විභාගයට ගැනිණි.

පැමිණිල්ල විසින් තම සේවාදායකයන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්තියේ සාක්කි නොකැඳවාම තම සේවාදායකයත් නිදොස් කර නිදහස් කරන්නැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි අනිල් සිල්වා සහ කංචන රත්වත්තේ යන නීතීඥවරු කරුණු දක්වමින් ඉල්ලා සිටි නමුත් විත්තියේ සාක්කි කැඳවීමට තරම් ප්‍රමාණවත් නඩුවක් පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් කර ඇතැයි තීරණය කළ විනිසුරු මඩුල්ල විත්තියේ සාක්කි විභාග කිරීමට තීරණය කළේය.

එම සාක්කි කැඳවීමේදී, විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු සහිතව ක්‍රීඩා සංගම්වලට කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ඛෙදාදී රජයට රුපියල් කෝටි 05 කට අධික පාඩුවක් කළ බවට තමන්ට එරෙහි නඩුව පවරා ඇත්තේ දේශපාලන පළිගැනීමකට බව ය. එම චෝදනාවන්ට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව විත්තියේ සාක්කි කැඳවීමේදී ප්‍රදීප් හෙට්ටිආරච්චි (සභාපති), ප්‍රදීප් අබේරත්න සහ මහේෂ් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කෙරෙන අවස්ථාවේ හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. අගවිනිසුරුවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව මෙන්ම සතොස හිටපු සභාපති හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබිණි.

යහපාලන රජය සමයේ තමන්ට එරෙහිව අභූත චෝදනා මත මෙම නඩුව පවරා ඇති බවත් මෙම නඩුවෙන් තමා නිදොස් කර නිදහස් කරන්නැයි මහින්දානන්ද අලුත්ගමගේ ඉල්ලා සිටියද, යතුරු ලියන දෝෂ නිවැරැදි කිරිම සඳහා නඩුව මෙම මස 19 වැනිදා යළි කැඳවීමට නියම කළේය. විත්තිකරුට ප්‍රතිකාර ගැනීම සඳහා තායිලන්තයට යෑමට අවසර දෙන්නැයි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා කළ ඉල්ලීමකට අවසර දෙමින් විනිසුරු මඩුල්ල ඔහුට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කළේය.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you