NewsBad Weather බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටු තත්වයක්

Bad Weather බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටු තත්වයක්

-

spot_img

Bad Weather – නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අද (නොවැ. 27) වන විට සුළි කුණාටු තත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (නොවැ. 26) පස්වරුව වන විට මෙම පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 190 ක් පමණ ගිනිකොන දෙසින් පැවතී අතර එහි බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරට ත් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතරම දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවද, උතුරු, උතුරුමැද, මධ්‍යම, බස්නාහිර, වයඹ, දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැ.කි.මී. 40 ත් 50 ත් අතර තද සුළං පැවතිය හැකි බව එම කාලගුණ නිවේදනය විස්තර කරයි.

Bad weather

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ජනක හඳුන්පතිරාජ සඳහන් කළේ, අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක පවුල් 24,159ක පුද්ගලයින් 82,796 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර එක් මරණයක් සහ තුවාල වීම් හයක් වාර්තා වී ඇති බව ය. නිවාස පූර්ණ හානි හයක්, අර්ධ හානි 355ක් වාර්තා වන බවත් පවත්වාගෙන යනු ලබන සුරක්ෂිත මධ්‍යස්ථාන 44ක පවුල් 914 කට අයත් පුද්ගලයින් 3,096 දෙනෙකු රැඳී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you