NewsFatal accident පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි කළ ඇල්ලේ...

Fatal accident පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි කළ ඇල්ලේ මාරක රිය අනතුර

-

spot_img

Fatal accident – ඇල්ල, වැල්ලවාය මාර්ගයේදී බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඒ අතර, කාන්තාවන් 09 දෙනෙකුද වන බවයි ඇල්ල පොලීසිය පැවසුවේ. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනෙකු බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. පිරිමි පුද්ගලයින් 08 දෙනෙක්, කාන්තාවන් 05ක් සහ ළමුන් 05 දෙනෙක් එලෙස රෝහල්ගත කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

විනෝද චාරිකාවක නිරත වූ පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් ඇල්ල ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබියදී එම අනතුර සිදුව තිබෙනවා. බස් රථයේ ගමන් කර ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පිරිසක් බවටයි පැවසෙන්නේ. ඊයේ රාත්‍රියේ අනතුර සිදුවීමත් සමග එම ස්ථානයට ප්‍රදේශවාසීන්, බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයක් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද පැමිණියා. ප්‍රපාතයට පෙරළුණු බස් රථයේ සිටි පිරිස මුදා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් යෙදීමටයි ඔවුන්ට සිදු වුණේ. එම ස්ථානයට බැසීම සඳහා කඹ අවශ්‍ය වී තිබූ අතර ඒ සඳහා කඹ ලබාදෙන ලෙසට සමාජ මාධ්‍ය හරහා කළ ඉල්ලීමට ප්‍රදේශවාසීන් ක්ෂණිකව ප්‍රතිචාර දක්වා තිබුණා.

ඉන් අනතුරුව එම කඹ ආධාරයෙන් අනතුරට ලක් වූවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු බස් රථය අඩි දහසක පමණ පහළට වැටී තිබූ ස්ථානයට ළඟා වුණා.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you