NewsDrugs කෝටි 80ක මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

Drugs කෝටි 80ක මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

-

spot_img

Drugs – කොටිකාවත්ත, නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් කෝටි 80කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ, එම නිවස මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට මාලඹේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

ඒ අනුව එම නිවසේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 13යි ග්‍රෑම් 372ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 580ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අදාළ නිවස පරික්ෂා කිරීමේදී කාමරයක් තුළ ගමන් මල්ලක බහා තිබූ එම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා. හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 13ක සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 2ක් තුළ අසුරා තිබූ බවයි පොලීසිය පැවසුවේ.

නිවසේ සිටි පුද්ගලයෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම්වලදී, ඔහු විසින් මහර ප්‍රදේශයේ ‘මොරින්’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකුගේ නමක් සඳහන් කළ බව පොලීසිය පැවසුවා. ඒ අනුව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගන්නා බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you