NewsDanushka Gunathilaka අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

Danushka Gunathilaka අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

-

spot_img

Danushka Gunathilaka පසුගිය විස්සයි20 ලෝක කුසලානය සඳහා සිඩ්නි නුවර සංචාරයක යෙදී සිටියදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති නඩු විභාගයේදී ජූරි සභාවක් නොමැතිව නඩුව පවත්වන්නැයි අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මීට පෙර පැමිණිලි පාර්ශවය විසින් චෝදනා තුනක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසු 32 හැවිරිදි ධනුෂ්ක කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම යන එක් චෝදනාවකට පමණක් මුහුණ දී සිටී.

ඔහු පසුගිය සිකුරාදා සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ පෙනී සිට ඇති අතර එහිදී ඔහුගේ නීතීඥයා විසින් විනිසුරුවරයා පමණක් සිටියදී නඩු විභාගයක් සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන තෙක් නඩු විභාගය කල් තබන ලෙස ඉල්ලා ඇත.

ටිනඩර් අන්තර්ජාල යෙදුමක් හරහා හඳුනාගැනීමෙන් පසුව මෙම කාන්තාව සහ ධනුෂ්ක සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසට පැමිණ ඇති අතර ඉන්පසු ගුණතිලක විසින් ඇයව හුස්ම හිර කර කොන්ඩමයක් නොමැතිව බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවලියේ යෙදුනු බවට එම කාන්තාව චෝදනා කර ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයා තත්පර 20කට වැඩි කාලයක් ඇයව හුස්ම හිර කරගෙන සිට ඇති බවත්, එක් අවස්ථාවක ඇය ඔහුගේ අත ඉවත් කිරීමට උත්සාහ කළ විට ඔහු තවත් තදින් මිරිකා “ඇගේ හුස්ම ගැනීම දැඩි ලෙස සීමා කර” බවත් පොලිසිය චෝදනා කරයි.

පොලීසිය පවසන්නේ සිද්ධිය අතරතුර කාන්තාව “තම ජීවිතයට හානියක් වේ යයි ඇති වූ බිය නිසා විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි වූ” බවයි.

නොවැම්බර් 6 වැනිදා අලුයම සිඩ්නි හි හයට් රීජන්සි හෝටලයේදී ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සමඟ ඔහු නැවත ලංකාවට පැමිණීමට නියමිතව තිබියදීය.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you