NewsAmerican Prisoners ඇමරිකානු සිරකරුවන් පස්දෙනෙකුට නිදහස?

American Prisoners ඇමරිකානු සිරකරුවන් පස්දෙනෙකුට නිදහස?

-

spot_img

American Prisoners – ඉරානයේ සිරකරගෙන සිටින ඇමරිකානු සිරකරුවන් 5 දෙනෙකු නිදහස් වීමට නියමිත බවට වාර්තා පලවේ. ඉරානය මෙම තීරණයට පැමිණියේ ඇමරිකාව සමග පැවැත්වු දීර්ඝ සාකච්ඡාවකින් පසුව බවද ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සදහන් කර තිබිණි. ඇමරිකා එක්සත් ජනපදය පවසන්නේ මොවුන් වැරදීමකින් ඉරානය රදවා ගෙන සිටින බවයි. පසුගිය සදුදා පැවති මාධ්‍ය හමුවකදී ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Nasser Kanaani පවසා තිබුණේ, “ගනුදෙනුවේ අංග අනුව බලාපොරොත්තු සම්පුර්ණ වනු ඇති” බවයි. ඇමරිකානුවන් පස් දෙනාව Doha වෙත ගෙන්වා ගැනීම සදහා Qatar ජෙට් යානයක් ඉරානයේ සුදානමින් සිටින බව මේ පිළිබදව තොරතුරු සපයන මුලාශ්‍රයක් CNN පුවත් සේවය වෙත පවසා තිබිණි.

එක්සත් ජනපදය සහ ඉරානය අතර ගිවිසුමට අනුව, දකුණු කොරියාවේ සීමා සහිත ගිණුම් වල රදවා තිබු ඉරාන අරමුදල් වලින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් කටාර්හි බැංකුවල සීමිත ගිණුම් වෙත මාරු කරනු ඇත. මෙම මුදල් ස්විට්සර්ලන්තයේ සිට කටාර්හි බැංකු ගිණුම් වෙත මාරු කර ඇති බවට කටාර් රාජ්‍ය විසින් ඉරාන සහ එක්සත් ජනපද නිලධාරීන්ට දන්වා ඇති බවද වාර්තා වෙයි. ප්‍රවෘත්ති මූලාශ්‍ර පවසන පරිදි Donald Trump පරිපාලනය යටතේ මේවා ඛනිජ තෙල් අලෙවියෙන්ඉපයූ මුදල් බවයි. නමුත් Joe Biden පරිපාලන නිලධාරීන් අවධාරණය කළේ මෙම මුදල් ඉරානයේ මානුෂීය මිළදී ගැනිම් සදහා භාවිතා කළ හැකි නමුත් ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින බවයි. එමෙන්ම මෙම ගිවිසුමේම ඇමරිකානු ජාතිකයින් 5දෙනා නිදහස් කිරීම ගැනද සදහන්වන බව වාර්තා වෙයි.

American Prisoners

මෙසේ ඇමරිකානුවන් නිදහස් වීම වොෂින්ටනය සහ ටෙහෙරානය අතර වසර ගණනාවක්පැවති සාකච්ඡා වල ප්‍රතිථලයක් වන අතරම ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සදහාද පිටුවහලක් වනු ඇති බවටද සදහන් වේ. ගණුදෙනුවේ සිටින ප්‍රසිද්ධ පුද්ගලයන් වන, Emad Shargi, Morad Tahbaz සහ Siamak Namazi මේ වන විටත් වසර 5කට වඩා සිරභාරයේ පසු වෙති. Namazi සිරගතව සිටින්නේ 2015 වසරේ සිට වන අතර අනෙක් ඇමරිකානුවන් දෙදෙනාගේ අනන්‍යතාවය මේ වනතෙක් හෙළිවී නොමැත.

-CNN News ඇසුරෙනි-

Photo Credit: www.cnnnews.com

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you