NewsFlorida Shooter දාහතර හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

Florida Shooter දාහතර හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

-

spot_img

Florida Shooter – පසුගිය දිනක සිදු වු වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මරණයට පත් වී තවත් අයෙකු බරපතල තුවාල ලැබු බවට වාර්තා වේ. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් 14 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව බලධාරීන් ප්‍රකාශ කරයි. Hillsborough ප්‍රාන්තයේ ෂෙරීෆ් කාර්යාලයේ වාර්තාවන්ට අනුව, ෆ්ලොරිඩාවේ Riverview හි Lynmoor Drive වල පිහිටි ප්‍රදේශයකදී මෙම වෙඩි තැබීම සිදු වු බව සදහන්. සෙනසුරාදා දහවල් කාලයේ තරුණයෙකු හදිසියේම පිස්තෝලයක් අතැතිව මෙම ප්‍රදේශය හරහා දිව ගිය බවට ලැබුණු ඇමතුමක් අනුව බලධාරීන් ක්‍රියාත්මක වු බව එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වී තිබේ. ආරක්ෂක නිලධාරින් එම ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ, ඔහු තම තුවක්කුව හිසට තබාගෙන වෙඩි තබා ගන්නා බවට තර්ජනය කර තිබිණි. ඉන් අනතුරුව විනාඩි 15 කට වඩා වැඩි කාලයක් ආරක්ෂක නිලධාරින් සමග කල සාකච්ඡා වලින් අනතුරුව සැකකරු සිය ගිනිඅවිය පහත හෙලු බව, ෂෙරීෆ් Chad Chronister ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වාර්තා කරුවන්ට පවසා ඇත.

Florida Shooter

නමුත් ඔහු නැවතත් ආයුධය ලබා ගැනීමට උත්සාහ කළ බවත් එහිදි ආරක්ෂක නිලධාරීන් ඔහුගේ අතට රබර් උණ්ඩයකින් වෙඩි තබා එය ව්‍යර්ථ කළ බවත් සදහන් වේ. එම ක්‍රියාව පැසසුමට ලක් කළ ෂෙරීෆ් පවසා තිබුණේ, සැකකරු නිලධාරීන්ට හානියක් කිරීමට බලාපොරොත්තු නොවු නමුත් සිය දිවි හානි කරගැනීමට ඉඩ තිබු බවත්, නිලධාරින්ගේ විශිෂ්ඨ බුද්ධිය සහ මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීමට ඇති විශේෂ හැකියාව නිසා තත්ත්වය පාලනය කළ බවත්ය. සැකකරු කිහිප වතාවක්ම වින්දිතයන්ට වෙඩි තබා ඇති අතර එක් පුද්ගලයෙකු උදව් ඉල්ලා අසල නිවසකට පැමිණි තිබු බවද බලධාරීන් පවසයි. පසුව ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ බවට වාර්තා වෙයි. තරුණයා අත්අඩංගුවට ගත් පසුව නිලධාරින් තවත් තුවාල ලැබු කාන්තාවන් අසල ධාවන පථයකින් සොයාගෙන තිබු අතර ඇය ඒ වන විටත් මිය ගොස් සිටි බව සඳහන්. ඇය සැකකරුගේ නෑයෙකු බව පසුව හදුනාගෙන ඇති බවටද වාර්තාවන අතර ABC Tampa අනුබද්ධ WFTS වාර්තා කර තිබුණේ තරුණයා වෙඩි තබා ඇත්තේ සිය මවට බවත් ඇගේ පෙම්වතාටද පස් වතාවක් වෙඩි තබා, ඔහුගේ වැඩිමහල් සහෝදරයාටද වෙඩි තැබීමට උත්සාහ කළ බවයි.

-ABC News ඇසුරෙනි-

Photo Credit: www.abcnews.com

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you