NewsIMF World Bank වාර්ෂික සමුළුව මොරොක්කෝවේ

IMF World Bank වාර්ෂික සමුළුව මොරොක්කෝවේ

-

spot_img

IMF World Bank – පුද්ගලයන් 2900කට අධික පිරිසකට මරු කැදවමින් මෑතකදී සිදුවු භූමිකම්පාවද නොතකමින්, පසුගිය සදුදා මොරොක්කෝව නිවේදනය කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී Marrakech හි පවත්වන බවයි. සැප්තැම්බර් 8 වන දින රික්ටර් පරිමාණයේ ඒකක 6.8ක භූ කම්පනයක් සිදු වු ප්‍රදේශයේ සිට 72km පමණ දුරින් පිහිටා ඇති මෙම ලෝක උරුම නගරයේදී, ඔක්තෝබර් 9 සිට15 දක්වා මෙම සමුළුව පැවැත්වීමට නියමිත බවද සදහන්. ලෝක බැංකු සභාපති Ajay Banga, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva සහ මොරොක්කෝවේ ආර්ථික අමාත්‍ය Nadia Fettah Alaoui යන අය ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ “පවතින තත්ත්වයන්ට අනුකූලව” මෙවර සමුළුව පවත්වන බවයි. මොරොක්කෝ බලධාරීන්ගේ දැඩි ඉල්ලීම මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීන් මෙම තීරණය ගත් බව ඔවුන්ගේ අදහසයි. මොරොක්කෝ බලධාරීන්ගේ බලාපොරොත්තුව මෙමගින් තම රටේ සංචාරක කේන්ද්‍රස්ථානයන් වෙත 10000 – 15000 අතර පිරිසක් ගෙන්වා ගැනිම බව වාර්තා වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රධාන නිලධාරීන් තිදෙනා “අපි රැස්වීම් පවත්වන විට, ක්‍රියාත්මක වන සහන කටයුතුවලට බාධාවක් නොවන පරිදි සහ විපතට පත්වුවන්ට සහ මොරොක්කෝ ජනතාවට ගෞරවනීය ලෙස ඒවා පැවැත්වීමට වග බලා ගත යුතු බවත් මෙම අසීරු අවස්ථාවේදී, වාර්ෂික සමුළුව මෙහි පැවැත්වීමට කටයුතු සැලසීමෙන් ලෝක ප්‍රජාවට ඒත්තු යාවි කෙතරම් දුෂ්කර තත්ත්වයක සිටියත් මොරොක්කෝව සහ එහි ජනතාව තම ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව ලොවටම පෙන්වා දුන් ආකාරය. අපිද මීට සහභාගීවන්නන් ලෙස ආරක්ෂාව සහතික කිරීමට කැපවී සිටිනවා” යනුවෙන් පවසා තිබේ. IMF කළමණාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ, රැස්වීම වෙනත් ස්ථානයකට ගෙන ගියහොත් එය මොරොක්කෝවේ ආගන්තුක සත්කාර අංශයට “තරමක විනාශයක්” වනු ඇති බවට මොරොක්කෝ අගමැති තමාට ප්‍රකාශ කළ බවයි.

-Reuters ඇසුරෙනි-

Photo Credit: www.reuters.com

Latest news

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන්

රස පරීක්ෂක වාර්තා 9,000 ක් මෙම මස අවසන් දැනට ප්‍රමාදවී ඇති රස පරීක්ෂක වාර්තා 9,000ක් මේ මාසය තුළ අවසන් කර...

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...
- Advertisement -spot_img

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

මම රෑ දහය වෙනකොට නිදාගන්නව

මම රෑ දහය වෙනකොට නිදාගන්නව - Sonam Kapoor සෝනම් කපූර් හැඳින්වෙන්නේ බොලිවුඩ් සිනමාවේ වඩාත්ම ආකර්ෂණීය නිළියක් සහ Fashion Icon එකක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you