NewsAirport එකේදී කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Airport එකේදී කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

-

spot_img

Airport – නීතිවිරෝධී ලෙස කැරට් 22 ඉක්මවූ අගයක් සහිත ස්වර්ණාභරණ තොගයක්, මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළින් පිටතට යාමට උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ  හරිත මාවතේදීයි.

එම කාන්තාවන් දෙදෙනා සෞදි අරාබියේ ජෙඩා නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.ඔවුන් දෙදෙනා සිය සිරුරෙහි ග්‍රෑම් 932ක් බර මාල සහ වළලු පැළඳ ගෙන පැමිණ සිටි බවයි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පැවසුවේ.

එම ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් දෙකෝටි අසූ ලක්ෂ අසූ පන් දහස් අට සිය විස්සක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 29 සහ 35 හැවිරිදි සෞදි අරාබියේ පිරිසිදු කරන්නියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනෙක්.

රේගු ආඥාපනත අනුව කැරට් 22 ඉක්මවූ අගයන් සහිත ස්වර්ණාභරණ මෙරටට රැගෙන ඒම තහනම් වන අතර, ඔවුන් සිය සේවා කාලය නිමවා පැමිණෙන අතරතුර ව්‍යාපාරික අවශ්‍යතා මත අදාළ ස්වර්ණාභරණ තොගය රැගෙන විත් ඇති බවයි රේගු විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you