NewsAdam's Peak ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා තේ වත්තකින් හමුවේ

Adam’s Peak ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා තේ වත්තකින් හමුවේ

-

spot_img

Adam’s Peak – ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ ආරක්ෂක වැටකින් පහළට පැන පසුගිය (අප්‍රේල් 19) වනදා සිට අතුරුදන්ව සිටි තරුණයා දින පහකට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමලේ තේ වතුයායේදි ඊයේ (අප්‍රේල් 24) පස්වරුවේ සොයා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මෙලෙස සොයාගනු ලැබුවේ, හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පදිංචි, 33 හැවිරිදි දිනේෂ් හේමන්ත නමැති තරුණයෙකි.

මෙම තරුණයා තමන් සමඟ නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට පැමිණ සිට අතුරුදන්ව ඇති බව පවසමින් ඔහු සමග පැමිණි කාන්තාවන්, රත්නපුර සිරිපාගම පොලිසියට පැමිණිලි කර තිබිණි. මරේ තේවතුයායට අයත්, රාජමාලයේ කොටසේ දර කැඩීමට ගිය වතු කම්කරුවන් පිරිසක් විසින් මෙම තරුණයා තේවතුයාය ආසන්නයේ වැටි සිටින අයුරු දැක, නල්ලතන්නිය පොලිසියට දන්වා ඇති අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. තරුණයාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් අරංචි මාර්ග පවසයි.

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you