More
    NewsFatal accident පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි කළ ඇල්ලේ...

    Fatal accident පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි කළ ඇල්ලේ මාරක රිය අනතුර

    -

    spot_img

    Fatal accident – ඇල්ල, වැල්ලවාය මාර්ගයේදී බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඒ අතර, කාන්තාවන් 09 දෙනෙකුද වන බවයි ඇල්ල පොලීසිය පැවසුවේ. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනෙකු බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. පිරිමි පුද්ගලයින් 08 දෙනෙක්, කාන්තාවන් 05ක් සහ ළමුන් 05 දෙනෙක් එලෙස රෝහල්ගත කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

    විනෝද චාරිකාවක නිරත වූ පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් ඇල්ල ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබියදී එම අනතුර සිදුව තිබෙනවා. බස් රථයේ ගමන් කර ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පිරිසක් බවටයි පැවසෙන්නේ. ඊයේ රාත්‍රියේ අනතුර සිදුවීමත් සමග එම ස්ථානයට ප්‍රදේශවාසීන්, බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයක් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද පැමිණියා. ප්‍රපාතයට පෙරළුණු බස් රථයේ සිටි පිරිස මුදා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් යෙදීමටයි ඔවුන්ට සිදු වුණේ. එම ස්ථානයට බැසීම සඳහා කඹ අවශ්‍ය වී තිබූ අතර ඒ සඳහා කඹ ලබාදෙන ලෙසට සමාජ මාධ්‍ය හරහා කළ ඉල්ලීමට ප්‍රදේශවාසීන් ක්ෂණිකව ප්‍රතිචාර දක්වා තිබුණා.

    ඉන් අනතුරුව එම කඹ ආධාරයෙන් අනතුරට ලක් වූවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු බස් රථය අඩි දහසක පමණ පහළට වැටී තිබූ ස්ථානයට ළඟා වුණා.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි - Thudarum පිරිමියෙක්ගෙ නිවීම ඔහුගෙ පවුල. ආදරණීය සැමියෙක් පියෙක් විදිහට ඔහු සතු වටිනාම වස්තුව වෙන්නෙ තමන්ගෙ...

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page