NewsRemand බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

Remand බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

-

spot_img

Remand –ඉකුත්දා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද බැකෝ සමන් නමත්තාගේ බිරිඳ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එම සැකකාරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ශාධිකා ලක්ෂානි නමැති මෙම සැකකාරිය දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබුවා.
එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත්දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද පාතාල කල්ලි නායකයින් පස් දෙනා අතර සිටි බැකෝ සමන් නැමැත්තගේ බිරිඳ ලෙස මෙම සැකකාරිය හඳුනාගෙන තිබෙන බව පැවසුවා.
පසුව මෙම සැකකාරිය රැඳවුම් නියෝග මත  රඳවාගෙන ප්‍රශ්න කළ බවත් පොලිසිය සඳහන් කර සිටියා.මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සැකකාරියට එල්ල වන චෝදනා කවරේදැයි ප්‍රශ්න කලා.ඊට පිළිතුරු දෙමින් පොලිසිය පැවසුවේ මෙම සැකකාරිය පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කරන බවයි.
මෙම සැකකාරිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කළ විමර්ශන වලට අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සම්පින්ඩන  වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මෙහිදී අධිකරණය කළ විමසීමකදී සැකකාරිය සඳහන් කළේ තම දරුවා  රැක බලා ගැනීම සඳහා සිය දෙමව්පියන්ට භාර දෙන බවයි.ඉදිරියේදී අවශ්‍යතාවයක් මතු වුවහොත් දරුවා සැකකාරිය භාරයට ගැනීමට හැකියාව තිබෙන බවත් ඒ සඳහා විධිමත් ලෙස ඉල්ලීමක් සිදුකළ හැකි බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

Latest news

සතොසින් අඩු මිලට බඩු

සතොසින් අඩු මිලට බඩු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි...

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...
- Advertisement -spot_img

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක්

තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක් තේ මේසෙට තියන්න හොඳම කෑමක් තමයි පොල් කේක්. ලංකාවෙ රසට, නිවැරදිව පොල් කේක් එකක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you