Mariam Abu Dagga නම් මාධ්‍යවේදිනිය ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා. ගාසා තීරයේදී මාධ්‍යවේදීන් ඝාතනය කිරීම මේ වන විට සුලබ සිද්ධියක් වී අවසන්. මෙසේ මියගොස් ඇත්තේ 33 හැවිරිදි ඡායාරූප මාධ්‍යවේදිනියක් (Photojournalist). පසුගිය මාස 22 පුරාවටම ඇය ගාසා තීරයේ වැසියන්ගේ දුක් වේදනා ලෝකයට හෙළිදරව් කළ අතර එම ඡායාරූපවල ඔවුන්ගේ මනුෂ්‍යත්වය සහ වේදනා දැඩිව ඉස්මතු වී තිබුණා.

වයස තිස් තුනක් වුවද ඇය සිය අවසන් කැමති පත්‍රය සකස්කර තිබුණා. තමා මියගියොත් අඬන්නට එපා යැයි ඈ සිය සමීපතමයන්ට පවසා තිබුණා. සිය 13 හැවිරිදි පුතුව වසර එකහමාරකින් පමණ නොදුටු ඇය ඔහුව මුණගැසීමේ අපේක්ෂාවෙන් සිටියා.

“මගේ ආදරණීය පුතේ, සාර්ථක වෙන්න. විශිෂ්ටයෙක් වෙන්න. ව්‍යාපාරිකයෙකු වෙලා ඔයා මට ආඩම්බරයක් ගෙනැත් දෙනවානම් මම කැමතියි. ඔයා ලොකු වුණාම, කසාද බැඳලා දුවෙක් ලැබුණාම, එයාට Mariam කියලා නම තියන්න. ඔයා තමයි මගෙ ආදරේ. මගේ ආත්මය. මම ඔයා ගැන ආඩම්බර වෙනවා ”
ඇය සිය පුතුට එසේ ලියා තිබුණා. අල් නසාර් රෝහලේදී ප්‍රහාරයට ලක්ව සිටි අයෙක් පරීක්ෂා කිරීමේදී ඊශ්‍රායල ප්‍රහාරයකින් ඇය ඇතුළු මාධ්‍යවේදීන් පස් දෙනෙක් ඊයේ (අගෝස්තු 25) මරණයට පත්ව සිටියා. ඊශ්‍රායලය 2023 ඔක්තෝම්බර් 7 වැනිදා සිට මේවන විට පලස්තීන මාධ්‍යවේදීන් 192 කට අධික පිරිසක් ඝාතනය කර තිබෙනවා.
– The Guardian ඇසුරිනි –



