NewsSTF සහය වන අලින්ගේ ආරක්ෂාවට ලබාදෙන්නැයි ඉල්ලීමක්

STF සහය වන අලින්ගේ ආරක්ෂාවට ලබාදෙන්නැයි ඉල්ලීමක්

-

spot_img

STF – වන අලින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාදෙන මෙන් වනජිවී දෙපාර්තමේන්තුව ඉල්ලීමක් යොමුකර තිබෙනවා.

සිදුව ඇති වන අලින්ගේ මරණ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ SOCO කණ්ඩායම් වල සහාය කඩිනමින් ලබාදෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ.

එසේම, සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ මියගිය වන අලින් අතරින් එක අලියකු සම්බන්ධයෙන් 2025-02-03 වන දින වනජීවී නිලධාරීන් වෙත පළමුවරට වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර විමර්ශන සිදු කරමින් පවතින බවයි සඳහන් වෙන්නේ.

සෙසු වන අලි දෙදෙනා වන රක්ෂිතය තුළම මියගොස් ඇති බවට වාර්තා වන අතර, ඉන් එක් සතෙකු ඇතෙකු බවද, එම ඇතාගේ දළ යුගල කිසිවෙකු විසින් ගලවාගෙන ගොස් ඇති බවද වාර්තා වන බව සඳහන්.

එමෙන්ම, ගල්ගමුව ප්‍රදේශයේ මියගිය වන අලියා සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිත බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you