More
    spot_img
    ArtGangubai Kathiawadi බොලිවුඩ් සිහිනයක් කාමාතිපුරයකින් නිමාකළ ගැහැණියක්

    Gangubai Kathiawadi බොලිවුඩ් සිහිනයක් කාමාතිපුරයකින් නිමාකළ ගැහැණියක්

    -

    spot_img

    Gangubai Kathiawadi – යෞවනියක් විදිහට ඇය ගතකලේ සැහැල්ලුවෙන්, ප්‍රීතියෙන් පිරුණු ජීවිතයක්. ඈ සතුව සිහින තිබුණා. ඒවා යොවුන් විය සතුවූ සිහින. නැටුම් ගැයුම් වලින් පිරුණු ඒ සිහින බොලිවුඩ් සිනමාපටයක් තරම් සොඳුරුයි. විචිත්‍රවත් සහ වර්ණවත්. දහසය හැවිරිදි ගංගා කාතියවාඩිගේ ලොකුම සිහිනය වුනේ බොලිවුඩ් නිළි යක් වීම. ඒ සිහිනය සැබෑ කර දෙන්නම් යැයි පොරොන්දු දුන් පෙම්වතෙක් ඇයට සිටියා. ප්‍රේමය වෙනුවෙන් තම සිහිනය වෙනුවෙන් ගංගා ඔහු හා රහසේම පැන එන්නට තීරණය කළා. ඒ මෙතෙක් නොදුටු අපූර්වතම ලෝකයකට පිවිසීමේ ආශාවෙන්.

     

    සැබැවින්ම ඔහු ඇයව ඈ මෙතෙක් දැක නොතිබූ ලෝකයකට රැගෙන විත් තිබුණා. ඒ පුරවරයේ නම කාමාතිපුරයයි. නොනිදන නගරයක් වූ ඒ පුරවරය නිරතුරුවම වාගේ ආලෝකමත්ව තිබුණා. නෙක නෙක ආභරණ පැළඳූ, විසිතුරු ඇඳුමින් සැරසුන, මුහුණේ වත්සුණු තවරාගත් ස්ත්‍රීන් ඒ පුරවරයේ සෑම තැනකම දක්නට ලැබුණා. ඔවුන්ගේ කෝමල සිනාහඬින්, ඉඟිබිඟි වලින් සහ ඔවුන් වෙත එන්නැයි කරන අඬගැසීම්වලින් කාමාතිපුරය පිරී තිබුණා. ඇගේ පෙම්වතා විසින් ලාබාල ගංගා කාතියවාඩි ව කාමාතිපුරයේ ගණිකා නිවහනකට අලෙවි කර තිබුණා.

    Gangubai Kathiawadi

    බොලිවුඩ් සිහිනයක් වෙනුවට අමිහිරි, කටුක සහ සිහින පෙරදැරි කරගත් ලාබාල යුවතියකට දරාගන්නට අසීරුතම යතාර්ථයක් ඈ ඉදිරියේ තිබුණා. කාමාතිපුරයේ අඳුරු කාමරයක සිර වූ ඈ ඉදිරියේ ජීවිතය හෝ මරණය යන තීරණ දෙක ඉතිරිව තිබුණා. පැහැදිලිවම ඇය ඉන් එකක් තෝරා ගතයුතුව තිබුණා.

    ඒ සිදුවීම වසර කිහිපයකට පෙර අතීතයට අයත් එකක්.

    Gangubai Kathiawadi

    කාමාතිපුරයේ රැකියාව කරන්නට වීම ප්‍රතිකේෂ්ප කරන යුවතියකගේ දර්ශනයත් සමගින් වර්තමානය ඇරඹෙනවා. මුරණ්ඩු කෙල්ලව විලංගු දමාවත් මෙල්ල කිරීමට හැකියාවක් නැතුවා වගෙයි. ඉතින් මේ යුවතියට උදාවී ඇති තත්වය පැහැදිලි කරන්නට ඈ වෙත කාමාතිපුරයේ බොහොම ප්‍රසිද්ධ ගැහැණියක් පැමිණෙනවා.

     

    ඇය ගංගුබායි කාතියවාඩි.

    ඇය තවමත් ලාබාල යුවතියක් තරමටම සුන්දරයි. කාමාතිපුරයේ පිපුණු මලක් තරමට සොඳුරුයි. පුරුෂයන් වසඟ කරගැනීමේ කලාවෙන් අගතැන්පත්. පිරිමින්ගේ පමණක් නොව කාන්තාවන්ගේ ඇස්පවා ඈ වෙතටම අලවා ගෙන සිටීමට හැකිතරමේ අභිමානයකින් යුතුයි. කවුද මේ ගංගුබායි කාතියවාඩි..?

    Gangubai Kathiawadi

    මෙය,මීට වසර කිහිපයකට පෙර පෙම්වතාගේ අතේ පැටලී නිකැලැල්, බියසුළු ජීවියෙක් ලෙසින් කාමාතිපුරයට පැමිණි ගංගා කාතියවාඩි, ගංගුබායි කාතියවාඩි බවට පරිවර්තනය වීමේ අපූරු කතාවයි. සිහිනයකින් ඇහැරී තනිවමම යථාර්ථයට මුහුණ දුන්, කඳුළු අමතක කොට ජීවත්වෙන්නට හිත හදාගත් ධෛර්ය සම්පන්න ගැහැණියකගේ කතාවයි. තම සුන්දරත්වය වියැකී යන්නට නොදී රැකගත්, සුන්දරත්වය අලෙවි කෙරූ, යථාර්ථයට මුහුණ දෙමින් යථාර්ථය හා ගණුදෙනු කිරීමට බිය නොවූ බලසම්පන්න ගැහැණියක් පිළිබඳව කතා පුවතයි. තමාට ලැබුන ජීවිතය ඒ අයුරින් පිළිගනිමින්, සැහැල්ලුවෙන් ජීවත්වෙමින්, ආදරය කරමින් ජීවත් වූ ගංගුබායි කාතියවාඩි සෑම දිනෙකම තම ගෞරවය අලෙවි කළ, සමාජයෙන් පිලිකුල් කෙරූ, ලොව පැරණිතම වෘත්තියේ යෙදුණු ගැහැණුන්ගේ ජීවත්වීමේ අයිතිය, වෘත්තිය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් වැදෙමින් කාමාතිපුරයේ ගැහැණුන්ට යහපතක් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන නොබියව ක්‍රියාකළ ආකාරය පිළිබඳව කතාවයි. අපූරු ගැහැණියකගේ ගැහැණුකමේ කතාවයි.

    කාමාතිපුරයට යන්න ලැබීම සොඳුරු අත්දැකීමක්. සොඳුරු ස්ත්‍රීන්ගෙන්, සංගීතය, නර්තනයන්ගෙන් සහ ළයාන්විත ගීත වලින් අනූන ඒ සොඳුරුබව සංජේ ලීලා බන්සාලිගේ සිනමාපටයන්ටම ආවේණික වූ හැඩයන්ගෙන් සමන්විතයි.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    An objection පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයකට විරෝධයක්

    An objection - නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් ඉදිකිරීමට පියවර ගැනුණු යාඥා මධ්‍යස්ථානයේ ඉඩමට ආරක්ෂිත...

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...

    The weather ප්‍රදේශ රැසකට අදත් වැසි

    The weather - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය...
    - Advertisement -spot_img

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...

    The weather ප්‍රදේශ රැසකට අදත් වැසි

    The weather - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page