More
    spot_img
    ArtMothering Sunday ලොවට රහසේ පෙම්කළ ධනවතෙකු සහ ඔහුගේ සේවිකාවගේ...

    Mothering Sunday ලොවට රහසේ පෙම්කළ ධනවතෙකු සහ ඔහුගේ සේවිකාවගේ කතාව

    -

    spot_img

    Mothering Sunday – ඇගේ ජීවිතයේ අමතක නොවන දිනයන් අතරේ ඒ දිනයත් නිසැකවම ඇති. ජේන් ඒ මොහොතේ සිටියේ අමුත්තන්ට සංග්‍රහ කරමින්. ඈ ඔවුන්ට මධුවිතෙන් සංග්‍රහ කරමින් සිටියා. ඒ අමුත්තන් අතරේ ඔහුත් සිටියා. පෝල්..ඇයගේ ප්‍රේමය. ඒ විතරක් නෙමෙයි එතැන තව සුවිශේෂි කෙනෙකුත් සිටියා. ඇය එමා. පෝල් සහ එමා සිටියේ නුදුරේදීම විවාහ වීමේ බලාපොරොත්තුවෙන්. ධනවත් පවුලක සේවිකාවක වශයෙන් සිය පෙම්වතා සහ ඔහුගේ අතගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මනාලිය ඇතුළු ආගන්තුකයන්ට සංග්‍රහ කරන්නට වීම කුමන අන්දමේ හැඟීමක් වෙන්නට ඇතිද…? නමුත්, කුමන ලෙසකින්වත් තම හැඟීම් පිටතට නොපෙන්වා සිත දැඩි කරගෙන ඉන්නට ඇයට සිදුවුණා.

    Mothering Sunday

    සේවිකාවක වූ ඇයත් ධනවතෙකු වූ ඔහුත් සෑම නිවාඩු දිනකදීම ලොවටම රහසේ මුණගැහුණා. ඔහු සමගින් ගතකළ ප්‍රේමයෙන් පිරුණු, සරාගී නිමේෂයන් ඇය අමතක කරන්නේ කෙසේද..? ජීවිත කාලය තුළදී නම් එය කිරීමට නොහැකි වේවි. නුදුරේදීම අන්සතු වන්නට නියමිත වූ ඔහු මොනතරම්නම් කඩවසම් යෞවනයෙක්ද…? මේ ආදරණීය පෙම්‍ යුවළගේ ඉරණම කුමක්ද..? පිළිතුරු නොමැති ගැටළුවලට කාලය විසින් පිළිතුරු සපයා දෙනු ඇති.

    Mothering Sunday

    සැබැවින්ම කාලය වේගයෙන් ඉගිළ ගොස් තිබුණා. සේවිකාවක් ලෙසින් කුමරුවෙක්ට පෙම් කළ යුවතිය කාලයත් සමගින් ලේඛිකාවක් වී තිබුණා. ලේඛිකාවක් වූයේ කෙසේ දැයි සමීපතමයන් ඇගෙන් ප්‍රශ්න කළ විට තමා ඉපදුන නිසාත්, තමාට යතුරු ලියනයක් ලැබීම නිසාත්, තවත් එක්තරා හේතුවක් නිසාත් තමා ලේඛිකාවක වූ බව ජේන් පැවසුවා. ඒ “එක්තරා හේතුව” හෙළිදරව් කිරීමට ඈ කැමති වූයේ නැහැ. සැබැවින්ම එම එක්තරා හේතුව ඔහුද..? වසර ගණනාවක්, දශක ගණනාවක් ගෙවී ගියද ඔහු කෙරේ ඇගේ ප්‍රේමය තවමත් යෞවනියකගේ ප්‍රේමය තරමටම හැඟීම්බරයිද…? ඔවුන්ගේ පෙම් කතාවට සිදුවූයේ කුමක්ද..? ලොවටම රහසේ තම හැඟීම් හදවතේ ගල් කරගත් සිතකට නිදහස් වීමට, තම සිතිවිලිවලින්ම නිදහස් වන්නට ඇති එකම මග ලේඛනය වූ කළ, දහසක් වේදනා හැඟීම් අකුරු කළ ඈ පාඨක ආදරය අසීමිතව දිනූ විශිෂ්ඨතම ලේඛිකාවක් වීම අරුමයක් වෙන්නේ කෙසේද…?

    Mothering Sunday

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Narendra Modi පකිස්ථානය ගෙව්වේ කාන්තාවන්ගේ හිසෙන් සින්දූර් උදුරාගත් වන්දිය

    Narendra Modi - ඉන්දු - පාකිස්ථාන සටන් විරාමය ආරම්භ වීමෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා තිබෙනවා. අගමැති...

    A Fire නිවසක් ගිණිගෙන තරුණියක් මරුට

    A fire - අද අලුයම කොට්ටාව විහාර මාවතේ, පෝර ගොඩැල්ල ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හටගන්න අවස්ථාවේ නිවස...

    Kotmale bus accident බස් අනතුරේ ඇසින් දුටු සාක්ෂි

    Kotmale bus accident - කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් අඩි 100ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ  අනතුරක් සිදුවුණා. එම...

    A Death වෙසක් සැරසිල්ලකට අදින ලද විදුලි රැහැනකින් දැරියක ජීවිතක්ෂයට

    A Death - වෙසක් සැරසිලි සඳහා අදින ලද අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී 09 හැවිරිදි  දැරියක් මිය ගොස් ඇති බව මොරගහහේන...
    - Advertisement -spot_img

    Virat Kohli විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදෙයි

    Virat Kohli - ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට අද (12) තීරණය කර ඇති බව තම...

    Pini Muthu Palasa පිනිමුතු පලස – 81

    Pini Muthu Palasa පිනිමුතු පලස පරිසරය යළිත් අඳුරු වුණේ වැස්සක පෙර නිමිති කියා පාමිනි. තරුෂි කතා කරන තුරු මම සිඟිත්තා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page