Arrested – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ මහේෂ් ගම්මන්පිල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2021 වසරේදී චීනයේ Qingdao Seawin Biotech නම් සමාගමකින් ගෙන්වන ලද පොහොර තොගයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ සමාගමෙන් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබාදීම මගින්, ඊට අදාළ පළමු පොහොර තොගයෙන් 75%ක මුදලක්, එනම් අමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු සිදු කිරීම සම්බන්දයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මැයි මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.