More
    spot_img
    NewsDrugs කෝටි 80ක මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

    Drugs කෝටි 80ක මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

    -

    spot_img

    Drugs – කොටිකාවත්ත, නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් කෝටි 80කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ, එම නිවස මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට මාලඹේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

    ඒ අනුව එම නිවසේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 13යි ග්‍රෑම් 372ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 580ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අදාළ නිවස පරික්ෂා කිරීමේදී කාමරයක් තුළ ගමන් මල්ලක බහා තිබූ එම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා. හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 13ක සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 2ක් තුළ අසුරා තිබූ බවයි පොලීසිය පැවසුවේ.

    නිවසේ සිටි පුද්ගලයෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම්වලදී, ඔහු විසින් මහර ප්‍රදේශයේ ‘මොරින්’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකුගේ නමක් සඳහන් කළ බව පොලීසිය පැවසුවා. ඒ අනුව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගන්නා බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Dan Priyasad ඩෑන් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

    Dan Priyasad - වැල්ලම්පිටිය සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළදී ඩෑන් ප්‍රියසාද් නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය...

    Tik Tok සමාගමට යුරෝ මිලියන 530 ක දඩයක්

    Tik Tok - යුරෝපා සංගමය විසින් TikTok සමාගමට යුරෝ මිලියන 530 ක ( ඩොලර් මිලියන 600) දඩයක් නියම කර...

    Lahiru Harshana ලබාගත් ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් ඉවත් කිරීමට බලපෑම්

    Lahiru Harshana - ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය අතරතුර ලංකාදීප පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ළහිරු හර්ෂණ මහතා...

    Ragging සබරගමු සරසවි සිසුවාගේ මරණය

    Ragging - සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුවෙක් සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිසුන් කිහිප...
    - Advertisement -spot_img

    Ragging සබරගමු සරසවි සිසුවාගේ මරණය

    Ragging - සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුවෙක් සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිසුන් කිහිප...

    Local Government Elections ඡන්දය භාවිතා කළ යුතු ආකාරය

    Local Government Elections - මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page