GovPay රජය විසින් හඳුන්වා දී ඇති GovPay දඩ ගෙවීම් ක්‍රමවේදය හරහා තැපැල් දෙපාර්තමේන්තුව කඩා වැටීමක් සිදු නොවන බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා. ඒ අනුව ඒ හරහා තැපැල් දෙපාර්තමේන්තු ආදායමේ යම් කොටසක් පමණක් අහිමිවීම සිදුවන බවයි අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. තැපැල් දෙපාර්තමේන්තුව විසින් එකතු කරන ලද ආදායම් ලබාදෙන්නේ ද රජයටම බවයි තැපැල්පති රුවන් සත්කුමාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.