NewsAirport එකේදී කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Airport එකේදී කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

-

spot_img

Airport – නීතිවිරෝධී ලෙස කැරට් 22 ඉක්මවූ අගයක් සහිත ස්වර්ණාභරණ තොගයක්, මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළින් පිටතට යාමට උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ  හරිත මාවතේදීයි.

එම කාන්තාවන් දෙදෙනා සෞදි අරාබියේ ජෙඩා නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.ඔවුන් දෙදෙනා සිය සිරුරෙහි ග්‍රෑම් 932ක් බර මාල සහ වළලු පැළඳ ගෙන පැමිණ සිටි බවයි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පැවසුවේ.

එම ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් දෙකෝටි අසූ ලක්ෂ අසූ පන් දහස් අට සිය විස්සක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 29 සහ 35 හැවිරිදි සෞදි අරාබියේ පිරිසිදු කරන්නියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනෙක්.

රේගු ආඥාපනත අනුව කැරට් 22 ඉක්මවූ අගයන් සහිත ස්වර්ණාභරණ මෙරටට රැගෙන ඒම තහනම් වන අතර, ඔවුන් සිය සේවා කාලය නිමවා පැමිණෙන අතරතුර ව්‍යාපාරික අවශ්‍යතා මත අදාළ ස්වර්ණාභරණ තොගය රැගෙන විත් ඇති බවයි රේගු විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you