More
    spot_img
    NewsGovPay පොලිස් දඩ මුදල් ගෙවීමේ නව ක්‍රමය

    GovPay පොලිස් දඩ මුදල් ගෙවීමේ නව ක්‍රමය

    -

    spot_img

    GovPay ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay හරහා රථවාහන වැරදි සඳහා ක්ෂණික දඩ මුදල් Online ගෙවීමේ නියමු ව්‍යාපෘතිය අද (11) ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද සිට ලබන 30 වනදා දක්වා කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරිප්පනේ, කවරක්කුලම හා අනුරාධපුර යන ප්‍රදේශවල මාර්ග ආවරණය වන පරිදි මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. මෙම නියමු ව්‍යාපෘතිය තුළින් සිදුවන අපහසුතා හා අඩුපාඩු හඳුනාගෙන ඒවා සකස්කර ගැනීමෙන් අනතුරුව දිවයින පුරා මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

    මේ හරහා Online ක්‍රමයට දඩ මුදල් ගෙවූ පසු ඒ පිළිබඳ ලැබෙන SMS පණිවිඩයකින් අදාළ පොලිස් නිලධාරීයා තහවුරු කර ගැනීමෙන් අනතුරුව, එම අවස්ථාවේදීම රියදුරු බලපත්‍රය මුදාහරින බැවින් මහජනතාවට අපහසුතාවකින් තොරව සේවාව ලබාදීමට හැකි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. ඔබ දැන් භාවිතා කරමින් සිටින හෙළකුරු ඇප් එකේ ඇති රාජ්‍ය ගෙවීම් සේවය හරහාද දැන් ඔබට මෙලෙස දඩ ගෙවීමේ හැකියාව පවතිනවා.

    Latest news

    Shri Jayawardhanapura University ජපුර විද්‍යාපීඨ විද්‍යාගාරයේ රසායනික කාන්දුවක්

    Shri Jayawardhanapura University ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨ විද්‍යාගාරය තුළ රසායණික කාන්දුවක් සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ මොහොත...

    Air accident ඉන්දියාවේ තවත් ගුවන් අනතුරක්

    Air accident - ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තර්කාද් හි ගුප්ත්කාෂි දක්වා ගමන් කරමින් තිබූ හෙලිකොප්ටරයක් වනාන්තරයක දී කඩා වැටීමෙන්...

    Dubai Marina Pinnacle මහල් නිවාසයේ ගින්නෙන් පදිංචිකරුවන් සියල්ල බේරා ගනී

    Dubai Marina Pinnacle මහල් නිවාස සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති අතර ගින්න ඇතිවන අවස්ථාවේ පදිංචි කරුවන් 3820 ක් එම ගොඩනැගිල්ලේ...

    weather red notice තද සුළං සහ රළු මුහුද ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

    weather red notice - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page