NewsDefeated ministers මහින්දානන්ද අලුත්ගමගේ ගෙදර ගියාද යැව්වද..?

Defeated ministers මහින්දානන්ද අලුත්ගමගේ ගෙදර ගියාද යැව්වද..?

-

spot_img

Defeated ministers – පසුගියදා (නොවැම්බර් 16) නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබිණි. දශක තුනකට අධික කාලයක් පුරාවට තමා විසින්ද, දශක හතක් තිස්සේ අලුත්ගමගේ පවුල විසින්ද නාවලපිටිය මැතිවරණ බල ප්‍රදේශයට කළ බව කියන පුළුල් දේශපාලන මෙහෙවර ගැන ආවර්ජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තවදුරටත් තම සේවය අවශ්‍ය නොවන බව පසුගිය මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී ගිය බැවින් තමා දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කළ බව පැවසිය.

නමුත් සැබෑම හේතුව එයද..? 2024 මහ මැතිවරණයේදී “ගෑස් සිලින්ඩරය” ලකුණින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (NDF) තරග කළ මහින්දානන්ද අලුත්ගමගේට මහනුවර දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැකිවුයේ ඡන්ද 20,401ක් පමණි. ඔහු මින් පෙර මැතිවරණවලදී මනාප ඡන්ද 200,000 කට ආසන්න ප්‍රමාණයක සිටි අයෙකි. පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලනයට පැමිණ වසර 30ක් තිස්සේ රජයේ ප්‍රභල අමාත්‍යධුර හොබවූ මහින්දානන්දලාට ජනතාව ජන්දයෙන් “ටටා..බායි..” කීවේ ඇයි..?

ඇත්තටම එසේ වුයේ මහින්දානන්ද කිවා සේ “ඡන්ද දායකයන් මගේ දේශපාලනය තවදුරටත් අවශ්‍ය නොවන බව තීරණය කළ නිසාද..?” නැත. බොරුව, වංචාව, දුෂණය, චණ්ඩිකම, ජනතා මුදලින් සිය පවුල් පෝෂණය කිරීම සැබෑ හේතු ය. ඔහු කීවා සේ පවුලේ අය අවුරුදු 70 කුත් තමන් අවුරුදු 30කුත් එකතුව අවුරුදු 100ක් සැබෑවටම ජනතාවට සේවය කළේනම්, පාර්ලිමේන්තු අසුනක්වත් නොදී මෙලෙස ගෙදර එලවාවිද..? ගුණතිලක රාජපක්ෂලාගේ කකුල් කැඩෙන්නට පහරදී, බිරින්දෑවරු පවා තමන්ට එරෙහිව නඩු මඟට බසින තැනට වැඩකළ මහින්දනන්දලාට නිවසට වී හෝ යහතින් සිටිය හැකිනම් පුදුමය. හිටපු ඇමතිතුමනි! මේ “දේශපාලනයෙන් සමුගන්නවා” යන වචනයට ගමේ භාෂාවෙන් කියනුයේ “ඇපත් නැතුව ගෙදර එළවනවා” කියා ය.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you