NewsDefeated ministers මහින්දානන්ද අලුත්ගමගේ ගෙදර ගියාද යැව්වද..?

Defeated ministers මහින්දානන්ද අලුත්ගමගේ ගෙදර ගියාද යැව්වද..?

-

spot_img

Defeated ministers – පසුගියදා (නොවැම්බර් 16) නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබිණි. දශක තුනකට අධික කාලයක් පුරාවට තමා විසින්ද, දශක හතක් තිස්සේ අලුත්ගමගේ පවුල විසින්ද නාවලපිටිය මැතිවරණ බල ප්‍රදේශයට කළ බව කියන පුළුල් දේශපාලන මෙහෙවර ගැන ආවර්ජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තවදුරටත් තම සේවය අවශ්‍ය නොවන බව පසුගිය මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී ගිය බැවින් තමා දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කළ බව පැවසිය.

නමුත් සැබෑම හේතුව එයද..? 2024 මහ මැතිවරණයේදී “ගෑස් සිලින්ඩරය” ලකුණින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (NDF) තරග කළ මහින්දානන්ද අලුත්ගමගේට මහනුවර දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැකිවුයේ ඡන්ද 20,401ක් පමණි. ඔහු මින් පෙර මැතිවරණවලදී මනාප ඡන්ද 200,000 කට ආසන්න ප්‍රමාණයක සිටි අයෙකි. පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලනයට පැමිණ වසර 30ක් තිස්සේ රජයේ ප්‍රභල අමාත්‍යධුර හොබවූ මහින්දානන්දලාට ජනතාව ජන්දයෙන් “ටටා..බායි..” කීවේ ඇයි..?

ඇත්තටම එසේ වුයේ මහින්දානන්ද කිවා සේ “ඡන්ද දායකයන් මගේ දේශපාලනය තවදුරටත් අවශ්‍ය නොවන බව තීරණය කළ නිසාද..?” නැත. බොරුව, වංචාව, දුෂණය, චණ්ඩිකම, ජනතා මුදලින් සිය පවුල් පෝෂණය කිරීම සැබෑ හේතු ය. ඔහු කීවා සේ පවුලේ අය අවුරුදු 70 කුත් තමන් අවුරුදු 30කුත් එකතුව අවුරුදු 100ක් සැබෑවටම ජනතාවට සේවය කළේනම්, පාර්ලිමේන්තු අසුනක්වත් නොදී මෙලෙස ගෙදර එලවාවිද..? ගුණතිලක රාජපක්ෂලාගේ කකුල් කැඩෙන්නට පහරදී, බිරින්දෑවරු පවා තමන්ට එරෙහිව නඩු මඟට බසින තැනට වැඩකළ මහින්දනන්දලාට නිවසට වී හෝ යහතින් සිටිය හැකිනම් පුදුමය. හිටපු ඇමතිතුමනි! මේ “දේශපාලනයෙන් සමුගන්නවා” යන වචනයට ගමේ භාෂාවෙන් කියනුයේ “ඇපත් නැතුව ගෙදර එළවනවා” කියා ය.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you