ArtA New Movie ලංකාවටම හද ගැස්ම දැනෙන්නට පටන් ගනී

A New Movie ලංකාවටම හද ගැස්ම දැනෙන්නට පටන් ගනී

-

spot_img

A New Movie – සිරස TV හි විකාශය වූ “කිඳුරංගනා” ටෙලිනාට්‍යයේ “විහඟ”ගේ චරිතය තුළින් අතිශය රසික ජනාදරයට පත්වූ අකිල සඳකැළුම් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණය “හද ගැස්ම” අද (නොවැම්බර් 01) වනදා සිට EAP මණ්ඩලයේ සිනමාශාලා ඇතුළුව දිවයින පුරා සිනමා ශාලාවන් හි තිරගතවීම ඇරඹේ. මෙම සිනමාපටය, දෙමව්පිය දූ දරු සෙනෙහසට පමණක් දෙවැනි වූ සහෝදර ප්‍රේමය පිළිබඳව හිතන්නට යමක් තරුණ පරපුර වෙත ළඟා කරවන කාලෝචිත කතා තේමාවකින් සමන්විත ය.

Hadagasma movieHadagasma movie

අර්ජූන කමලනාත්, ශාලිකා එදිරිසිංහ, නයෝමි පීරීස්, නවීන් දිල්ශාන්, හර්ෂිකා රත්නායක, කුමුදිනී අධිකාරි, කුමාර වඳුරැස්ස, පවිත්‍රා වික්‍රමසිංහ, ඉෂාන් මෙන්ඩිස්, ශාලිත ගුණවර්ධන, සෝමවීර ගමගේ ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා රංගනයෙන් එක්ව තිබේ.

කැමරා අධ්‍යක්ෂණයෙන් හා ආලෝකකරණයෙන් ජනිත් ගුණසේකර, සංස්කරණය, වර්ණ සංයෝජනය, දෘශ්‍ය ප්‍රයෝග හා දෙබස් පටිගත කිරීමෙන් දනාල් තිරංජන, 7.1 ශබ්ද නිර්මාණයෙන් සහ මිශ්‍රණයෙන් දිලාන් ගුණවර්ධන, සහය අධ්‍යක්ෂණයෙන් නිමේෂ් ලක්මාල්, සටන් අධ්‍යක්ෂණයෙන් සුමුදු අමල්ක, සංගීත අධ්‍යක්ෂණයෙන් සහ ගීත රචනයෙන් ලක්මාල් ෆනෑන්ඩු, ගීත ගායනයෙන් නලින් ෆනෑන්ඩු, රශිනි හෙට්ටිආරච්චි, තාරක ආචාරිගේ, වාසනා කාවින්දි ෆනෑන්ඩු ද, කලා අධ්‍යක්ෂණයෙන් සුමිත් කුඩලිගම ඇතුළු පිරිසක් එක් වී ඇති “හද ගැස්ම” ඉසුරු ෆිල්ම් නිෂ්පාදනයකි .

සටහන
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු 
ජායාරුප
පසිඳු දිල්ශාන් වේරගොඩ

Latest news

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...
- Advertisement -spot_img

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you