More
    spot_img
    ArtA New Movie ලංකාවටම හද ගැස්ම දැනෙන්නට පටන් ගනී

    A New Movie ලංකාවටම හද ගැස්ම දැනෙන්නට පටන් ගනී

    -

    spot_img

    A New Movie – සිරස TV හි විකාශය වූ “කිඳුරංගනා” ටෙලිනාට්‍යයේ “විහඟ”ගේ චරිතය තුළින් අතිශය රසික ජනාදරයට පත්වූ අකිල සඳකැළුම් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණය “හද ගැස්ම” අද (නොවැම්බර් 01) වනදා සිට EAP මණ්ඩලයේ සිනමාශාලා ඇතුළුව දිවයින පුරා සිනමා ශාලාවන් හි තිරගතවීම ඇරඹේ. මෙම සිනමාපටය, දෙමව්පිය දූ දරු සෙනෙහසට පමණක් දෙවැනි වූ සහෝදර ප්‍රේමය පිළිබඳව හිතන්නට යමක් තරුණ පරපුර වෙත ළඟා කරවන කාලෝචිත කතා තේමාවකින් සමන්විත ය.

    Hadagasma movieHadagasma movie

    අර්ජූන කමලනාත්, ශාලිකා එදිරිසිංහ, නයෝමි පීරීස්, නවීන් දිල්ශාන්, හර්ෂිකා රත්නායක, කුමුදිනී අධිකාරි, කුමාර වඳුරැස්ස, පවිත්‍රා වික්‍රමසිංහ, ඉෂාන් මෙන්ඩිස්, ශාලිත ගුණවර්ධන, සෝමවීර ගමගේ ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා රංගනයෙන් එක්ව තිබේ.

    කැමරා අධ්‍යක්ෂණයෙන් හා ආලෝකකරණයෙන් ජනිත් ගුණසේකර, සංස්කරණය, වර්ණ සංයෝජනය, දෘශ්‍ය ප්‍රයෝග හා දෙබස් පටිගත කිරීමෙන් දනාල් තිරංජන, 7.1 ශබ්ද නිර්මාණයෙන් සහ මිශ්‍රණයෙන් දිලාන් ගුණවර්ධන, සහය අධ්‍යක්ෂණයෙන් නිමේෂ් ලක්මාල්, සටන් අධ්‍යක්ෂණයෙන් සුමුදු අමල්ක, සංගීත අධ්‍යක්ෂණයෙන් සහ ගීත රචනයෙන් ලක්මාල් ෆනෑන්ඩු, ගීත ගායනයෙන් නලින් ෆනෑන්ඩු, රශිනි හෙට්ටිආරච්චි, තාරක ආචාරිගේ, වාසනා කාවින්දි ෆනෑන්ඩු ද, කලා අධ්‍යක්ෂණයෙන් සුමිත් කුඩලිගම ඇතුළු පිරිසක් එක් වී ඇති “හද ගැස්ම” ඉසුරු ෆිල්ම් නිෂ්පාදනයකි .

    සටහන
    ඇන්ටන් ජේ. ප්‍රනාන්දු 
    ජායාරුප
    පසිඳු දිල්ශාන් වේරගොඩ

    Latest news

    Liquor අද සිට මත්පැන් බෝතල් සහ කෑන් සඳහා නිෂ්පාදිත දිනය අනිවාර්යයි

    Liquor - ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන සියලුම මත්පැන් බෝතල් වල හා කෑන් වල නිෂ්පාදිත දිනය ඇතුළත් කිරීම අද...

    IPL 2025 – ඊයේ තරගයේ ජය Mumbai Indians කණ්ඩායමට

    IPL 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (31) Mumbai Indians හා Kolkata Knight Riders කණ්ඩ‍ායම් අතර පැවති...

    Accident – දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

      Accident - දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අද (01) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලොරි රථ දෙකක්,...

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...
    - Advertisement -spot_img

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...

    Ceypetco Revisea fuel prices – Ceypetco ඉන්ධනවල මිල සංශෝධනය කරේ

    Ceypetco revisea fuel prices - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>