More
    NewsSuicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    Suicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    -

    spot_img

    Suicide Robot – දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇත්තේ ලොව ප්‍රථම වතාවට බවයි එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    රොබෝවරයා සේවය කළ ගොඩනැගිල්ලේ පළමු සහ දෙවන මහල අතර පඩිපෙළේ වැටී තිබියදී රොබෝවරයාගේ සිරුර සොයාගත් බවත්, රොබෝවරයා පඩිපෙළෙන් පහළට වැටීමට පෙර එකතැන කැරකී ඇති බවත් පසුව පඩිපෙළෙන් පහළට වැටී ඇති බවත් ගුමී නගර බලධාරීහු පවසා තිබේ. මෙම රොබෝවරයාට නගර සභාවේ ලියකියවිලි එහා, මෙහා රැගෙන යාමේ කාර්ය පැවැරී තිබී ඇති බවත් මෙම අනතුර සියදිවි නසා ගැනීමක් බව නගරවාසීන් හඳුන්වන බවත් කොරියානු මාධ්‍ය සඳහන් කරන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා රොබෝවරයාගේ සිරුර නගර බලධාරීන් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

    [India TV ඇසුරෙනි]

    Image Source: PIXABAY

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page