TravelDampe Village බොල්ගොඩ වැව් ඉස්මත්තේ සතුටු සාමිචියට සාද සන්ධ්‍යාවට...

Dampe Village බොල්ගොඩ වැව් ඉස්මත්තේ සතුටු සාමිචියට සාද සන්ධ්‍යාවට තැනක්!

-

spot_img

Dampe Village – ගෙවෙමින් පවතින කාලය ලංකාවේ සියල්ලටම පාහේ එතරම් සුබදායි එකක් නොවේ. ආර්ථිකව මෙන්ම මානසිකවද මිනිසුන් ඇත්තේ විඩාබරව ය. ඒ සියල්ලටම බොහෝ දෙනෙකු සොයන්නේ විවේකය සහ විනෝදයයි. කාර්යබහුල ජිවිතයෙන් මද හෝ අස්වැසිල්ලක් ලබාගැනීම පිණිස ඊට සුදුසු පරිසරයක් තිබීම ඉතා වැදගත් ය. ඔබේ සිතිවිල්ල එය නම් බොල්ගොඩ වැව් ඉස්මත්තේ පිහිටි “දම්පෙ විලේජ්” ඊට කදිම හා සුදුසුම ස්ථානයයි.

කොළඹ සිට මෙන්ම අනෙක් පලාත්වල සිට වුවද, පහසුවෙන් ලඟා විය හැකි පිළියන්දල නගරයේ සිට කිලෝමීටර් හතරකට අඩු දුරින් පිහිටා ඇති දම්පෙ විලේජ්, කදිම සංචාරක ගමනාන්තයකි. වසර 15 කට වඩා වැඩි අතීතයකට නෑකම් කියන මෙය ආරම්භ කර ඇත්තේ, එක් උත්සව ශාලාවක් සහ කාමර පහකිනි. අද වන විට මෙහි උත්සව ශාලා දෙකක්, සම්මන්ත්‍රණ ශාලාවක් සහ එළිමහන් උත්සව සඳහා ඉතා අලංකාරව සකසන ලද උද්‍යනයකින් සමන්විතය. එමෙන්ම අති සුඛෝපභෝගී කාමර 5 කින් හා සුඛෝපභෝගී කාමර 11 කින්ද, 40 කට වඩා වැඩි සේවක සංඛ්‍යාවකින්ද යුක්ත වීම සිය පාරිභෝගිකයින් ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසය තහවුරු කරයි.

dampe Villagedampe Village

එළිමහන් උත්සව සඳහා සැකසුණු උද්‍යානයට යාබදව, බොල්ගොඩ වැවට මුහුණලා පිහිටි නාන තටාකය මෙහි විශේෂ තැනක් හිමිකරගනී. සෑම කාමරයක් සඳහාම වායු සමීකරණ, උණුවතුර, සැටලයිට් රුපවාහිනී සහ ශීතකරණ පහසුකම ලබාදී තිබීම සිත් ගන්නා සුළුය. එකවර වාහන 200 කට වඩා නවතා තැබිය හැකි රථ වාහන අංගනයකින් සමන්විත වීමද සේවාදායක ආකර්ෂණය දිනුවකි. දෙස්, විදෙස් ආහාර වට්ටෝරු, බිම වර්ග මෙන්ම සුහදශීලි කාර්ය මණ්ඩලය එහි පහසුව තවත් වැඩි කරයි.

Dampe VillageDampe VillageDampe VillageDampe Village

ඔබට දම්පෙ විලේජ් වෙතින් පමණක්ම ලබාගත හැකි විශේෂ වරප්‍රසාද කිහිපයක්ද පවතී. ඒ, කණ්ඩායම් හෝ ආයතන, පවුලේ අයට, තනි පුද්ගලයින්ට සහ ආදරවන්තයින් වෙනුවෙන්ම සැකසු පැකේජ් ක්‍රමයයි. ඒවා නාන තටාකය, කාමර, විවාහ උත්සව සහ ආයතනික හමුවීම් සඳහා වෙන්, වෙන් වශයෙන් හඳුන්වා දී තිබේ. “ආප්ප වට්ටිය”, “කොත්තු සාජ්ජේ”, “A Romantic Escape”, “Day out set menu” යනු ඒවායින් කිහිපයකි.

Dampe VillageDampe VillageDampe Village

ඔබේ ආර්ථික සහ සමාජ වටපිටාවට සරිලන ඕනෑම තෝරාගැනීමක් කළ හැකි මෙන්ම සාකච්ජා කොට තමන්ගේ සිතැඟි පරිදි සකසා ගත හැකි අවස්ථාවන් තිබීම දම්පෙ විලේජ් වෙතින් ඔබට ලබාදී ඇති අනගි තිළිණයන් ය. ඉතින් තවත් ප්‍රමාද නොවී, කොළඹ අවටම පිහිටි නිහඬ, නිස්කලංක නිවාඩු නිකේතනය ඔබේ විඩාබර ජිවිතයට අස්වැසිල්ලක් ලබාගැනීම සඳහා තෝරාගන්න.

දුරකථන: 0094 112 707 516 / 0094 759 300 477 

Kanishka Perera
General Manager – Dampe Village

විද්‍යුත් තැපෑල: dampevillage@yahoo.com             
වෙබ් අඩවිය: www.dampevillage.lk   

 

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you