More
    spot_img
    NewsRailway දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය ඝාතනයක්ද?

    Railway දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය ඝාතනයක්ද?

    -

    spot_img

    Railway – දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාරගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරාධපු පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන අද අධිකරණය හමුවේ පවසා තිබේ.
    දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නවාතැන් ගෙන සිටි දුම්රිය සංචාරක නිවාස කාමරයේ තැන තැන, ලේ පැල්ලම් දක්නට තිබූ බව අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරීක්ෂකවරයා, මල සිරුර ද තිබුණේ ඔහු නිදා ගෙන සිටි ඇඳ මත නොව අදාල කාමරයේ ටයිල් කැට ඇතුරු පොළොව මත බවද අධිකරණය හමුවේ වැඩිදුරටත් පවසා තිබේ.

    සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය යම් අසනීප තත්ත්වයක් නිසා සිදුවූ ස්වභාවික මරණයක්ද එසේත් නැතිනම් ඝාතනයක්ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසියට අවශ්‍ය බව උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දුන් පසු එම කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය, මල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව නොපමාව අධිකරණයට දන්වන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇත. එමෙන්ම මෙම සිද්ධියේ මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබන මැයි මස 14 වන දින විවෘත අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීරට තව දුරටත් නියෝග කරනු ලැබ තිබේ.

    Latest news

    Samagi Jana Balawegayaට ප්‍රාදේශීය සභාවේ බලය

    Samagi Jana Balawegaya - අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමිව තිබෙනවා.ඒ අනුව, අද (12) උදෑසන පැවති ඡන්ද...

    Covide මරණ 2ක් ලංකාවෙන්

    Covide - රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ...

    Air India plane crash Video – මගීන් 242 සමග ලන්ඩන් ගිය යානය කඩාවැටේ

    Air India plane crash - අද දහවල් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී ලන්ඩන් බලා ගිය එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන්...

    Sajith Premadasa විදුලි බිල වැඩි කිරීම ජනවරම පාගා දැමීමක්

    Sajith Premadasa - විදුලි ගාස්තු වැඩි කිරීම තුළින් වත්මන් රජය ලබාගත් ජනවරම පාගා දැමීමක් සිදුකර ඇති බව විපක්ෂ නායක...
    - Advertisement -spot_img

    Sajith Premadasa විදුලි බිල වැඩි කිරීම ජනවරම පාගා දැමීමක්

    Sajith Premadasa - විදුලි ගාස්තු වැඩි කිරීම තුළින් වත්මන් රජය ලබාගත් ජනවරම පාගා දැමීමක් සිදුකර ඇති බව විපක්ෂ නායක...

    Ranjan Jayalal මාව වට්ටවපු එක කුමන්ත්‍රණයක්

    Ranjan Jayalal - නගරාධිපති ලෙස තමන් වැඩ භාරගත් දිනයේ පය පැටලී වැටීමට සිදුවීම කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව කඩුවෙල නගරාධිපති රන්ජන්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page