NewsIGP දේශබන්ධුට එරෙහි පෙත්සම අභියෝගයට!

IGP දේශබන්ධුට එරෙහි පෙත්සම අභියෝගයට!

-

spot_img

IGP – වැඩබලන පොලිස්පතිවරයා ලෙස මාස තුනක කාලයකට පත් කර තිබු දේශබන්දු තෙන්නකෝන් මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමත් සමඟම, ඔහු එම ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. එම පෙත්සම්කාර පාර්ශ්වය අභියෝගයට ලක්කරමින් ජ්‍යෙෂ්ඨ මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ හත් නමක් එහි පාර්ශ්වකරුවන් ලෙස ඉදිරිපත් වීමට මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

පොලිස්පතිවරයා පත්කිරීමේ බලතල විධායකය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී තිබියදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේ මැදිහත්වීම ආගමික මුහුණුවරක් ගෙන ඇතැයි කියමින් මෙම භික්ෂුන් වහන්සේලා පෙත්සම් විභාගයෙහි පාර්ශ්වකරුවන් වීමට ඉල්ලා සිටින අතර මෙසේ මෙම පෙත්සමට පාර්ශ්වකරුවන් වීමට අවසර ඉල්ලා ඇත්තේ, ජ්‍යෙෂ්ඨ මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි, රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අකුරැටියේ නන්ද හිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උපකුලපති බෝදාගම චන්දිම නාහිමි හා ධර්මදේශක උඩුවේ ධම්මාලෝක හිමි යන භික්ෂුන් වහන්සේලා ය.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you