NewsIranian missile ප්‍රහාරයට පාකිස්තානයේ දැඩි විරෝධය

Iranian missile ප්‍රහාරයට පාකිස්තානයේ දැඩි විරෝධය

-

spot_img

Iranian missile – පකිස්ථානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ Koh-e-Sabz ප්‍රදේශයේ, Jaish al-Dhulm ලෙස ඉරානය හඳුන්වන Jaish al-Adl නම් සුන්නි සටන්කාමී කල්ලියේ බලකොටු දෙකක් විනාශ කිරීමට තමන් “නිශ්චිත මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර” භාවිතා කළ බව ඉරානය පවසයි. තම දේශසීමා තුළට ඉරානය විසින් ඊයේ [16 වෙනි අඟහරුවාදා] එල්ල කළ මෙම ගුවන් ප්‍රහාරය පකිස්ථානය විසින් දැඩි ලෙස හෙළා දුටු අතර එය “ඔවුන්ගේ ගුවන් සීමාව අනවසරයෙන් උල්ලංඝනය කිරීමක්” ලෙස හඳුන්වමින් ප්‍රතිප්‍රහාර ගැන අනතුරු ඇඟවීමක්ද කර තිබේ.

ඉරානය උතුරු ඉරාකයේ සහ සිරියාවේ මිසයිල ප්‍රහාර දියත් කරමින්, ඊශ්‍රායල ඔත්තු කඳවුර විනාශ කරන බව ප්‍රකාශ කර ඇති පසුබිමක මෙම ප්‍රහාරය සිදුවී ඇති අතර ජයිෂ් අල්-අඩ්ල් සටන්කාමී කණ්ඩායම කියා සිටියේ ඉරානය තම සටන්කාමීන්ගේ දරුවන් සහ භාර්යාවන් ජීවත් වූ නිවාස දෙකක් විනාශ කිරීමට ප්‍රහාරක ඩ්‍රෝන යානා හයක් සහ රොකට් ගණනාවක් භාවිතා කළ බවයි. බලුකිස්තාන් පළාතේ බලධාරීන් CNN පුවත් සේවය වෙත පැවසු ආකාරයට ගැහැණු ළමයින් දෙදෙනෙකු මියගොස් අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා ඇත.මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ Panjgur දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 60 ක් (සැතපුම් 37 ක්) පමණ දුරින් පිහිටි කුලාග් හි කෝ-ඊ-සබ්ස් ගම්මානයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් හානියට පත් නිවාසවල විසු අට හැවිරිදි සහ 12 හැවිරිදි ගැහැණු ළමයින් දෙදෙනෙකු මිය ගිය බව එහි නියෝජ්‍ය දිස්ත්‍රික් නිලධාරි Mumtaz Khetran පැවසීය.

-CNN News ඇසුරෙනි- by Jonny Hallam, Asim Khan and Helen Regan.

Image Source: News Hub

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you