FeaturesYouTube සැත්කමක් නිසා කාන්තාවකට කෝමා

YouTube සැත්කමක් නිසා කාන්තාවකට කෝමා

-

spot_img

YouTube – මිලියන 1.9 ක Instagram ග්‍රාහකයින් ප්‍රමාණයක් ඇති වෛද්‍යවරයෙකුගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් YouTube වීඩියෝවක් නැරඹීමෙන් පසු ටෙක්සාස් හි “අනවශ්‍ය” දන්ත ශල්‍යකර්මයක් අතරතුර Fentanyl ඖෂධය අධි මාත්‍රාවක් ලබා දීමෙන් Florida හි කාන්තාවකගේ මොළයට හානි සිදුව ඇතැයි Fox News වාර්තා කරයි.

2022 මැයි 10 වන දින ටෙක්සාස් හි Marble Falls හිදී සිදුකළ දන්ත ශල්‍යකර්මයකදී, Maria Lugo Querales නම් මෙම කාන්තාව Jerry Teague නම් වෛද්‍යවරයා විසින් නිර්වින්දනයට ලක් කිරීමෙන් පසු මිය යාමට ආසන්න තත්වයට පත්ව පැය 24 ක හදිසි ප්‍රතිකාර ලබාදී තිබේ. ඇගේ සැමියා වන Luis Espana, වෛද්‍යවරයා සිය බිරිඳට පළමුව intubating ඖෂධය ලබා නොදී අධික ලෙස නිර්වින්දන ඖෂධ ලබා දුන්නේයැයි චෝදනා කරන බව The New York Post වාර්තා කරයි. ඇය මුලින්ම ෆ්ලොරිඩාවේ දන්ත වෛද්‍ය ප්‍රතිකාරයට පැමිණ ඇත්තේ ‘cavitations’ රෝග ලක්ෂණ රහිත මූල ඇල ප්‍රතිකාර කළ දතක් නිස්සාරණය කිරීම සඳහා වූ ක්‍රියා පටිපාටියක් සඳහා බව නඩු වාර්තාවේ සඳහන් වේ. පොලිස් වාර්තාවක් උපුටා දක්වමින් San Antonio Express-News වාර්තා කළේ, ඇයට Fentanyl, sedative midazolam සහ නිර්වින්දක lidocaine සමඟ ප්‍රතිකාර කර ඇති බවයි.

you tube coma

වින්ඳිත කාන්තාවට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට පිළිකාවක් ඇති බව මෑතකදී හඳුනාගෙන ඇති බවත් ජීවත් වීමට ඇත්තේ වසරකට වඩා අඩු කාලයක් බවත් ඔහුගේ බිරිඳ පැවසු බව නඩු වාර්තාවේ සඳහන් වේ. ශල්‍යකර්මය කළ දිනයේ වෛද්‍යවරයාගේ එකම රෝගියා මෙම කාන්තාව වී ඇති අතර ශල්‍යකර්මයට සහභාගී වූ අනෙකුත් දන්ත වෛද්‍යවරුන් නිර්වින්දනය සඳහා ඇයගේ අවසරය ලබා නොගත් බව නඩුවේදී චෝදනා නැඟෙයි. එමෙන්ම මෙම වෛද්‍යවරයා, 2016 වසරේදී වැඩ තහනමට ලක්ව ඇති අතර එරට රාජ්‍ය දන්ත පරීක්ෂක මණ්ඩලය විසින් වසර තුනකට ඔහුගේ ප්‍රායෝගික වෛද්‍ය ප්‍රතිකාර තහනම් කර තිබී ඇතැයිද වාර්තා වේ. එම අත්හිටුවීම 2019 වසරේදී අවසන් වීමෙන් පසුව Marble Falls සායනයේ සේවයට පැමිණ තිබේ.

you tube coma

මෙම ශල්‍යකර්මයෙන් සති දෙකකට පසුව 70 හැවිරිදි වෛද්‍යවරයා මියගොස් ඇති අතර අදාළ කාන්තාව මේ වනවිට ෆ්ලොරිඩාවේ ස්නායු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක, Tracheotomy හරහා හුස්ම ගනිමින් නලයක් ආධාරයෙන් පෝෂණය සඳහා ආහාර ලබා ගන්නා බව වාර්තා වේ.

-Fox News ඇසුරෙනි- by Louis Casiano

Image Source: Middle East Monitor / Fox News

Latest news

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක් විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්‍ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, භික්‍ෂූන් වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම...

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...
- Advertisement -spot_img

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you