SportsZimbabwe Vs Sri Lanka T20i ශ්‍රී ලංකාව මුල්වරට සිම්බාබ්වේට...

Zimbabwe Vs Sri Lanka T20i ශ්‍රී ලංකාව මුල්වරට සිම්බාබ්වේට පරදී

-

spot_img

Zimbabwe Vs Sri Lanka T20i තරඟාවලියේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 4 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා. මෙම ජයග්‍රහණයත් සමග විස්සයි-විස්ස තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ මේ ලබාගත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ මංගල විස්සයි-විස්ස ජයග්‍රහණයයි. 2008 සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ජාත්‍යන්තර විස්සයි-20 තරග 5 ක් පැවත්වී ඇති අතර ශ්‍රී ලංකාව පරාජය වූයේ මුල්ම වතාවටයි.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක පන්දු 39 ක දී ලකුණු 69 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 51 ක දී නොදැවී ලකුණු 66 ක් කණ්ඩායම වෙනුවෙන් එක් කළා. දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සම්බන්ධතාවය ලකුණු 118 ක්. පන්දු 31 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අසලංකගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් ඇතුලත්. මැතිව්ස් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ පන්දු 45 කිනි. මැතිව්ස් ගේ නොදැවී ලබාගත් ලකුණු 66 ට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුලත්. ලකුණු ලබාගැනීමේදී පැතුම් නිස්සංක එක ලකුණකට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 5 කටයි. කුසල් පෙරේරා මුහුණ දුන් පළමු පන්දුවේදීම රයන් බර්ල්ට උඩපන්දුවක් ලබාදී දැවී ගියා. සදීර සමරවික්‍රමට ලබාගත හැකිවුයේ ලකුණු 16 ක් පමණි. දසුන් ශානක ලකුණු 9 යි, අවසන් පන්දුවේ පිටියට පැමිණි නායක වනිඳු හසරංගට ලකුණු ලබාගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.

පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායමේ ලුක් ජෝන්ග්වේ ලකුණු 32 කට කඩුලු 2 යි. බ්ලෙසින්ග් මුස්රබානි ලකුණු 36 කට කඩුලු 2 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 174 ක ඉලක්කයක් කරා ගිය සිම්බාබ්වේ කණ්ඩායම 17 වැනි ඕවරය නිමාවේදී ලබා සිටියේ ලකුණු 132 කි. කඩුලු 5 ක් අතැතිව සිටි සිම්බාබ්වේ කණ්ඩායමට තරගය ජයගැනීමට නම් පන්දු 18 කින් ලකුණු 42 ක් අවශ්‍ය වී තිබිණ. එතැන් සිට දුෂ්මන්ත චමීරගෙන් ලකුණු 12 ක්, ඩිල්ෂාන් මධුශංකගෙන් ලකුණු 10 ක් සහ ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලකුණු 24 ක් ලෙසින් ලබාගත් ලූක් ජොන්ග්වේ සහ කල්යිව් මඩාන්ඬේ සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියා.

පන්දුවට පහරදෙමින් සිම්බාබ්වේ එක්දින කණ්ඩායමේ නායක ක්‍රෙග් අර්වින් පන්දු 54 කට මුහුණ දෙමින් ලකුණු 70 ක් තම කණ්ඩායමට එක්කලා. එම ලකුණු 70 ට හතරේ පහර 6 ක් සහ හයේ පහර දෙකක් ඇතුලත්. සිම්බාබ්වේ පිල වෙනුවෙන් ලුක් ජෝන්ග්වේ නොදැවී ලකුණු 25යි. බ්‍රයන් බෙනෙට් පන්දු 20 කට ලකුණු 25 යි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මහිෂ් තීක්ෂණ ලකුණු 25 කට කඩුලු 2 යි. දුෂ්මන්ත චමීර ලකුණු 30 කට කඩුලු 2 යි. නායක වනිඳු හසරංග ලකුණු 41 කට කඩුලු එකයි.

Zimbabwe Vs Sri Lanka T20i-Zimbabwe Won
Photo Credit SLC
Zimbabwe Vs Sri Lanka T20i-Zimbabwe Won 03
Photo Credit SLC
Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...
- Advertisement -spot_img

ලස්සන දත් දෙපෙළකට බ්‍රේසස් ප්‍රතිකාරය

ලස්සන දත් දෙපළකට බ්‍රේසස් ප්‍රතිකාරය මුහුණෙන් පළවන හැඟීම් මානව සන්නිවේදනයේ මූලික අංගයකි. ඒ අතර සිනහව විශේෂිතය. පිළිවෙළින් පවතින නිරෝගී දත්...

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි - Passenger මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you