SportsZimbabwe vs Sri Lanka T20i පළමු ජය ශ්‍රී ලංකාවට

Zimbabwe vs Sri Lanka T20i පළමු ජය ශ්‍රී ලංකාවට

-

spot_img

Zimbabwe Vs Sri Lanka T20i ප්‍රථම තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (14) රාත්‍රී පැවැත්වුනා. ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක පළමු වැනි විස්සයි-20 තරගයේදී කඩුලු 3 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාමට සමත් වුනා. දිගු කලකට පසුව ලකුණු අතරට පැමිණි හිටපු නායක දසුන් ශානක (පන්දු 18 කින් ලකුණු 26) මැතිව්ස්ට අගනා සහයෝගයක් දෙමින් තරගයේ අවසන් පන්දුව දක්වාම පිටියේ රැඳී සිටියා.

හත්වැනි කඩුල්ල වෙනුවෙන් මැතිව්ස් සහ දසුන් ශානක දෙදෙනා අතර පැවැති සම්බන්ධතාව ලකුණු 55 ක්. පන්දු 38 තුල ලකුණු 46 ක් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් 19 වැනි ඕවරය යැවූ රිචඞ් ගරාවාගේ පන්දු වාරයට ලකුණු 19ක් ලබාගත්තා. ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 14 ක් අවශ්‍යව තිබු අතර ඇන්ජලෝ මැතිව්ස් දැවියාමෙන් පසුව පිටියට පැමිණි දුෂ්මන්ත චමීර එම ඉලක්කය සපුරා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරගයේ ජයග්‍රහණය ගෙන එමින්.

ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග විසින් කාසියේ වාසිය දිනාගනු ලැබීමෙන් අනතුරුව සිම්බාබ්වේ පිලට පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළා. සිම්බාබ්වේ කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 143 ක් ලබාගත්තා. මෙහිදී සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පන්දු 42 කින් ලකුණු 62 ක් ලබාගනිමින් අර්ධ ශතකයක් වාර්තා කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහිෂ් තීක්ෂණ (16/2) සහ වනිදු හසරංග (19/2) කඩුලු දෙක බැගින් ලබාගත්තා.

සම්පුර්ණ ලකුණු පුවරුව පහතින්.

Zimbabwe vs Sri Lanka T20i Zimbabwe Inning

Zimbabwe vs Sri Lanka T20i Sri Lanka inning

Zimbabwe vs Sri Lanka T20i first win for Sri Lanka - Anjelo and Dasun
Photo Credit SLC

 

Zimbabwe vs Sri Lanka T20i first win for Sri Lanka Wanidu and Maheesh
Photo Credit SLC
Zimbabwe vs Sri Lanka T20i first win for Sri Lanka - Team Celebration
Photo Credit SLC

 

Zimbabwe vs Sri Lanka T20i first win for Sri Lanka - Sikandar Raza
Photo Credit SLC
Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you