More
    ArtMagazine සොළොස්මාන සඟරාව පාඨක අයිතියට

    Magazine සොළොස්මාන සඟරාව පාඨක අයිතියට

    -

    spot_img

    Magazine – ප්‍රවීණ මාධ්‍යවේදී,සාහිත්‍යධර තිඹිරියාගම බණ්ඩාරගේ සංස්කරණයෙන් නිකුත්වන සොළොස්මාන සඟරාව, දිවයිනේ ප්‍රකට විද්වතුන්ගේ ශාස්ත්‍රීය ලිපි සහ නිර්මාණකරුවන්ගේ නව නිර්මාණ ඇතුළත් සාර සංග්‍රහයකි. එමෙන්ම සෑම කලාපයක් ඔස්සේ ම ශාස්ත්‍රීය පර්යේෂණවල නියැලි විද්වතකුගේ සේවය විමර්ශනය කෙරෙන ලිපි කිහිපයක් ඇතුළත් කෙරේ. මෙවර සඟරාව ඔස්සේ මහාචාර්ය ගනනාථ ඔබේසේකරයන්ගේ ශාස්ත්‍රීය මෙහෙවර විමසුමට ලක් කෙරේ.

    මෙම සඟරාව ආරම්භ කෙරෙන්නේ අභියෝග රැසක් මධ්‍යයේ බවත් එය දුෂ්කර කැපකිරීමක ප්‍රතිපලයක් බවත් පවසන තිඹිරියාගම බණ්ඩාර, සඟරාව මුද්‍රණය කර බෙදාහැරීමේ ඉදිරි කටයුතු වෙනුවෙන් පාඨක ඔබේ සහාය ඉල්ලා සිටී. ඒ සඳහා ඔබ කළ යුත්තේ සඟරාවෙහි වාර්ෂික දායකත්වය ලබාගැනීම මගින් සඟරාවෙහි ස්ථිර පාඨක ජාලයෙහි පදනම බවට පත්වීමය.

    Thimbaiyagama Bandara

    2024 නව වසරේ පළමු වැනිදා සොළොස්මාන පාඨක ජාලයට එක් වෙමින් ශාස්ත්‍රීය සඟරාවක් පවත්වාගෙන යෑමේ කර්තව්‍යයෙහි කොටස්කරුවන් වූ පළමු කණ්ඩායමෙහි නම් ඔහු විසින් අප වෙත එවා තිබේ.

    මනෝරි සිලිකා වික්‍රමසිංහආරච්චි
    නාවලගේ බැනට් කුරේ
    සමන්තා වික්‍රමසිංහ
    අනුර කේ.එදිරිසූරිය
    උදය ආර්.තෙන්නකෝන්
    රේණුකා ජයසිංහ

    සොළොස්මාන මංගල කලාපය [ජනවාරි – මාර්තු] තැපැල් මගින් ගෙන්වා ගැනීම සඳහා වට්ස්ඇප්/දුරකතන 0710386339 මගින් හෝ Facebook inbox මගින් ඇමතිය හැක. සඟරා පිටපතක මිල රු.400 කි. වාර්ෂික දායකත්වය,තැපැල් ගාස්තුවද ඇතුළුව රු.1800 කි. පහත සඳහන් ගිණුම් අංකයට මුදල් බැර කර.ඔබේ නම,ලිපිනය සහ දුරකතන අංකය යැවිය යුතුය. සොළොස්මාන සඟරාව තිඹිරිගෙදර ප්‍රකාශනයක් වන අතර ග්‍රැෆිකෙයා මුද්‍රණයකි.

    ගිණුම් අංකය:
    2042 0011 007 4090
    එච්.එම්.ඩබ්.බණ්ඩාර.
    මහජන බැංකුව, මූලස්ථාන ශාඛාව
    (People’s bank – Headquarters branch, Bank Code 7135 Branch code 204)
    දුරකතන /වට්ස්ඇප් – 0710386339

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page