NewsRanil Wickramasinghe නව අමාත්‍යංශ ලේකම් පත්වීම් 10ක්

Ranil Wickramasinghe නව අමාත්‍යංශ ලේකම් පත්වීම් 10ක්

-

spot_img

Ranil Wickramasinghe 2024 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යංශ 10ක් සඳහා නව අමාත්‍යංශ ලේකම්වරුන් දස දෙනෙකු සහ පළාත් 2ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු මිට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

නව පත්වීම් වලට අනුව, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් ධූරයට ඒ. සී. මොහොමඩ් නෆීල් ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යංශ ලේකම් ධූරයට ඩබ්. පී. පී. යසරත්න ද, වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ධූරයට සමන් දර්ශන පාඬිකෝරාල ද පත් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයට වසන්තා පෙරේරා ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට එන්. එම්. රණසිංහ ද, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට ගුණදාස සමරසිංහ ද පත් කර තිබේ. තවද, පරිසර අමාත්‍යංශයේ ලේකම් ධූරයට බී. කේ. පී. චන්ද්‍රකීර්ති ද, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ධූරයට ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ධූරයට රංජිත් රූබසිංහ ද, තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට ධර්මශ්‍රී කුමාරතුංග ද පත් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ ද පත් කරනු ලැබ තිබේ.

Image Source: President Media division

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you