More
    spot_img
    NewsAmerican Prisoners ඇමරිකානු සිරකරුවන් පස්දෙනෙකුට නිදහස?

    American Prisoners ඇමරිකානු සිරකරුවන් පස්දෙනෙකුට නිදහස?

    -

    spot_img

    American Prisoners – ඉරානයේ සිරකරගෙන සිටින ඇමරිකානු සිරකරුවන් 5 දෙනෙකු නිදහස් වීමට නියමිත බවට වාර්තා පලවේ. ඉරානය මෙම තීරණයට පැමිණියේ ඇමරිකාව සමග පැවැත්වු දීර්ඝ සාකච්ඡාවකින් පසුව බවද ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු සදහන් කර තිබිණි. ඇමරිකා එක්සත් ජනපදය පවසන්නේ මොවුන් වැරදීමකින් ඉරානය රදවා ගෙන සිටින බවයි. පසුගිය සදුදා පැවති මාධ්‍ය හමුවකදී ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Nasser Kanaani පවසා තිබුණේ, “ගනුදෙනුවේ අංග අනුව බලාපොරොත්තු සම්පුර්ණ වනු ඇති” බවයි. ඇමරිකානුවන් පස් දෙනාව Doha වෙත ගෙන්වා ගැනීම සදහා Qatar ජෙට් යානයක් ඉරානයේ සුදානමින් සිටින බව මේ පිළිබදව තොරතුරු සපයන මුලාශ්‍රයක් CNN පුවත් සේවය වෙත පවසා තිබිණි.

    එක්සත් ජනපදය සහ ඉරානය අතර ගිවිසුමට අනුව, දකුණු කොරියාවේ සීමා සහිත ගිණුම් වල රදවා තිබු ඉරාන අරමුදල් වලින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් කටාර්හි බැංකුවල සීමිත ගිණුම් වෙත මාරු කරනු ඇත. මෙම මුදල් ස්විට්සර්ලන්තයේ සිට කටාර්හි බැංකු ගිණුම් වෙත මාරු කර ඇති බවට කටාර් රාජ්‍ය විසින් ඉරාන සහ එක්සත් ජනපද නිලධාරීන්ට දන්වා ඇති බවද වාර්තා වෙයි. ප්‍රවෘත්ති මූලාශ්‍ර පවසන පරිදි Donald Trump පරිපාලනය යටතේ මේවා ඛනිජ තෙල් අලෙවියෙන්ඉපයූ මුදල් බවයි. නමුත් Joe Biden පරිපාලන නිලධාරීන් අවධාරණය කළේ මෙම මුදල් ඉරානයේ මානුෂීය මිළදී ගැනිම් සදහා භාවිතා කළ හැකි නමුත් ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින බවයි. එමෙන්ම මෙම ගිවිසුමේම ඇමරිකානු ජාතිකයින් 5දෙනා නිදහස් කිරීම ගැනද සදහන්වන බව වාර්තා වෙයි.

    American Prisoners

    මෙසේ ඇමරිකානුවන් නිදහස් වීම වොෂින්ටනය සහ ටෙහෙරානය අතර වසර ගණනාවක්පැවති සාකච්ඡා වල ප්‍රතිථලයක් වන අතරම ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සදහාද පිටුවහලක් වනු ඇති බවටද සදහන් වේ. ගණුදෙනුවේ සිටින ප්‍රසිද්ධ පුද්ගලයන් වන, Emad Shargi, Morad Tahbaz සහ Siamak Namazi මේ වන විටත් වසර 5කට වඩා සිරභාරයේ පසු වෙති. Namazi සිරගතව සිටින්නේ 2015 වසරේ සිට වන අතර අනෙක් ඇමරිකානුවන් දෙදෙනාගේ අනන්‍යතාවය මේ වනතෙක් හෙළිවී නොමැත.

    -CNN News ඇසුරෙනි-

    Photo Credit: www.cnnnews.com

    Latest news

    Anura Kumara Dissanayake මාක්ස්වාදී දෘෂ්ටියෙන් ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකිද..?

    Anura Kumara Dissanayake - ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට සති දෙකකට පමණ පෙර, කොළඹ Monarch Imperial හෝටලයේ පැවති ව්‍යාපාරික ප්‍රජාවේ හමුවකදී,...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 64

    Hima Mal Renu හිම මල් රේණු අප පැමිණියේ බොරු ගමනක්, එසේ නොවේ නම් තේරුමක් නැති ගමනක් බව මට මේ වන...

    Hima Mal Renu හිම මල් රේණු – 63

    Hima Mal Renu හිම මල් රේණු තාත්තාට බොරුවක් පැවසීමට සිදු වීම පිළිබඳව නම් මා සිතේ සියුම් කණගාටුවක් ඇති විය. සත්‍ය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page