More
    NewsPrincess Diana චාල්ස් රජු ගැන හෙළිකරන හඬපටය

    Princess Diana චාල්ස් රජු ගැන හෙළිකරන හඬපටය

    -

    spot_img

    Princess Diana මියගොස් වසර 26ක් පිරෙන මොහොතේ ඇය විසින් පටිගත කරන ලද හඬපටයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. මෙම හඬපටයෙන් පැවසෙන්නේ, හැරී කුමරු ඉපදුණු අවස්ථාවේ ඔහු ගැහැණු දරුවෙකු නොවීම පිළිබඳව වත්මන් තෙවන චාල්ස් රජු එකළ දැඩි කළකිරීමෙන් සිටි බවයි. ඩයනා කුමරිය මිය යෑමට පෙර මෙවැනි හඬපට කිහිපයක් රහසිගතව පටිගත කොට Andrew Morton නම් කතුවරයාට ලබාදී ඇති බව සඳහන්.

    princess-Diana

    “Diana: The Rest of Her Story.” නමින් ලබන වසරේ නිකුත් වීමට නියමිත වාර්තා චිත්‍රපටයකට පෙර පළමු වරට මෙම හඬපටය නිකුත් වී ඇති අතර ABC හි Good Morning America වැඩසටහනෙහි මෙම හඬපටයට විශේෂ අවධානයක් යොමුව තිබුණා. එහිදී ඩයනා කියනු අසන්නට ලැබුණේ “තම සැමියා තම සුළු මව වන Raine Spencer සමඟ කතා කරන්නේවත් නැති” බවය. “හැරී කුමරුගේ බෞතිස්මය අවස්ථාවේදී චාල්ස් සිය මවට හැරී කුමරු ඉපදීම පිළිබඳව තමන් කණස්සල්ලෙන් පසුවන බව පැවසු බවත්, දෙවන එළිසබත් රැජිණ චාල්ස් කුමරුගේ උරහිසට තට්ටුවක් දමා සාමාන්‍ය දරුවෙකු ඉපදීම ගැන ආඩම්බර වන්නැයි පැවසු බවත්” එම හඬපටයෙන් තවදුරටත් විස්තර කෙරී තිබුණා.

    princess-Diana

    හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් 2020 ජනවාරි මාසයේදී නිවේදනය කළේ ඔවුන් බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ලෙස ඔවුන්ගේ භූමිකාවෙන් ඉවත් වන බවත් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාව අතර ඔවුන්ගේ කාලය ගතකිරීමට සැලසුම් කර ඇති බවත්ය. ඊට ප්‍රතිචාර වශයෙන්, දිවංගත දෙවන එළිසබෙත් රැජිණ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ, ඔවුන් තවදුරටත් රාජකීය පවුලට වැඩ රාජකාරි ඉටු නොකරන බවත් රාජකීය රාජකාරි සඳහා මහජන මුදල් ලබා ගැනීම නවත්වන බවත්ය.

    හඬපටය සඳහා යොමුව: Princess Diana: New audio claims Charles was disappointed at having boy, not girl, when Prince Harry was born | CNN

    -CNN News ඇසුරෙනි-

    Photo Credit: www.wordpress.com / www.royal-harry.com / www.dailymail.com

     

    Latest news

    Of former presidents හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට කැබ්නට් අනුමැතිය

    Of former president - හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි, 1986 අංක 4...

    Drug raids අයිස් හා හෙරොයින් සමග තරුණයෙක් අත්අඩංගුවට

    Drug raids - බොරැල්ල පොලිස් වසමේ ‘සිරිසර උයන’ මහල් නිවාසය අසලදී අයිස් හා හෙරොයින් සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.බොරැල්ල පොලිස්...

    Tourist Visa from Maldives ලාංකිකයන්ට මාලදිවයිනෙන් දින 90ක On-Arrival සංචාරක වීසා

    Tourist Visa from Maldives - සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක...

    The most beautiful island ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කරයි

    The most beautiful island - 2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කර ඇත.ඒ ගෝලීය සංචාරක...
    - Advertisement -spot_img

    Tourist Visa from Maldives ලාංකිකයන්ට මාලදිවයිනෙන් දින 90ක On-Arrival සංචාරක වීසා

    Tourist Visa from Maldives - සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක...

    Mia Goth එයා කැමති බය හිතෙන ෆිල්ම් වලට

    Mia Goth - නිරූපිකාවක් ලෙසින් සිනමාවට පිවිසි ඇය බොහෝවිට දක්නට ලැබුනේ ත්‍රාසජනක චිත්‍රපට තුළින්. X චිත්‍රපට මාලාව ඇයට විශාල...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page