NewsJapan Jobs: ජපානයෙන් ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා

Japan Jobs: ජපානයෙන් ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා

-

spot_img

Japan Jobs: ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වැඩි වශයෙන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස බඳවාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී.සේනානායක මහතා, ජපානයේ IRO ආයතනයේ සභාපති Norikai Suga මහතාගෙන් ඉල්ලා තිබෙනවා. එම ආයතනයේ සභාපති ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් මේ දිනවල මෙරට සංචාරයක නිරතවන අතර, එම සංචාරය අතරතුරදී, විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ එහි ඉහළ කළමනාකාරීත්වය හමුවූ අවස්ථාවේදී සාමාන්‍යාධිකාරීවරයා විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානයේ රැකියා සඳහා යොමුකිරීමට 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජපානයේ IRO ආයතනය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලද අතර, ඒ අනුව මේ වන විට ලාංකිකයින් 25 දෙනෙකුට වැඩි පිරිසක් ජපානය බලා පිටත් කර ඇති බව සඳහන්.

මෙම ඉල්ලීමට ජපන් නියෝජිත පිරිසෙන් යහපත් ප්‍රතිචාර හිමිවූ අතර, තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් වශ‍යෙන් බඳවාගන්නා ශ්‍රි ලාංකිකයින් ඉහල තාක්ෂණික හැකියාවෙන් යුතු කරුණාවන්ත පිරිසක් බව ඔවුන් ප්‍රකාශ කළ බව වාර්තා වනවා. නියෝජිත හමුව සඳහා පුහුණු හා බඳවාගැනීම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා හා IRO වැඩසටහන යටතේ ජපානය බලා යාමට සූදානම්ව සිටින රැකියාලාභීන් 9 දෙනෙකුද එක්ව සිටි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you