Foodපුංචි අය කන්න ආස ස්නැක් එකක්

පුංචි අය කන්න ආස ස්නැක් එකක්

-

spot_img

පුංචි අය කන්න ආස ස්නැක් එකක් – රස්ක්ස් (Rusks)

රස්ක් කියන්නෙ පුංචි කාලෙ ඉඳලම ගොඩක් අය කන්න ආස ස්නැක් එකක්. හවසට තේ එකක් එක්ක රස්ක්ස් කන්න ගොඩක් අය කැමතියි. කඩේ වගේම රසට, ක්‍රිස්පි ගතියට ගෙදරදීම රස්ක්ස් හදාගන්නෙ කොහොමද බලමු. 

Rusks

• අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කෝප්ප 3ක්

සීනි මේස හැඳි 4ක්

යීස්ට් තේ හැඳි 2ක්

මඳ උණුසුම් කිරි කෝප්ප ¾ක්

බටර් මේස හැඳි 3ක්

බිත්තර 1ක්

ලුණු තේ හැඳි ½ක්

වැනිලා තේ හැඳි 1ක්

Rusks

• සාදාගන්නා ආකාරය

ඉස්සෙල්ලම මඳ උණුසුම් කිරිවලට සීනි ටිකක් සහ යීස්ට් එකතු කරලා විනාඩි 5–10ක් තියෙන්න දෙන්න. ඊළඟට පාන් පිටි, ඉතිරි සීනි ටික සහ ලුණු එකට මිශ්‍ර කර ගන්න. ඒකටම බිත්තරය, බටර්, වැනිලා සහ යීස්ට් මිශ්‍රණයත් එකතු කරන්න. මෘදු සහ ඇදෙන සුළු ඩෝ එකක් ලැබෙන තුරු විනාඩි 8–10ක් විතර හොඳට අනාගන්න. ඊට පස්සෙ ඩෝ එක වහලා පැයක් විතර පිපෙන්න තියන්න. ඩෝ එකේ ප්‍රමාණය දෙගුණයක් වෙනකං පිපෙන්න ඕනෙ.

Rusks

ඊළඟට ඩෝ එක රොටියක් වගේ අතුරගෙන බේකින් ට්‍රේ එකක තියලා තව විනාඩි 20–30ක් පිපෙන්න අරින්න. 180°C උෂ්ණත්වයට රත් කෙරුව අවන් එකේ විනාඩි 25–30ක් බේක් කරගන්න. අවන් එකෙන් අයින් කරගෙන සම්පූර්ණයෙන්ම නිවෙන්න ඇරලා පෙති කපාගන්න. මේ කපාගත්ත පෙති ටික ආයෙත් බේකින් ට්‍රේ එකේ අසුරලා 120–130°C උෂ්ණත්වයේ විනාඩි 30–45ක් බේක් කරන්න. අතරමැදදි පෙති අනෙක් පැත්තට හරවන්න. රන්වන් පැහැයට හැරුණම අවන් එකෙන් බාගෙන නිවෙන්න ඇරලා කෑමට ගන්න. හොඳට නිවුණට පස්සෙ පිරිසිඳු වියළි බෝතලයක අසුරගත්තම දවස් කීපයක්ම කන්න පුළුවන්.

✍️කසුනි පෙරේරා විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

කොටහේනෙදී කොටහළුයි, අටමස්ථානෙදි ගොළුයි, නකල්ස් ළඟ විතරක් බුරයි

කොටහේනෙදී කොටහළුයි, අටමස්ථානෙදි ගොළුයි, නකල්ස් ළඟ විතරක් බුරයි නකල්ස් වනාන්තරයේ ගල් ගුහාවකදී අනාරක්ෂිත දරු ප්‍රසූතියකට මුහුණ දුන් 15 හැවිරිදි දැරිය...

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි

ආණ්ඩුව අලුතෙන් බදු නෑ කිව්වට රටට බඩුම තමයි රජය විසින් අලුතින් බදු පනවා නැති බවත්, සිදුව ඇත්තේ පවතින ක්‍රමවේදයන් යාවත්කාලීන...

ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර වරදට හොලිවූඩ් නළුවාට වසර 10 ක සිරදඬුවමක්

ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර වරදට හොලිවූඩ් නළුවාට වසර 10 ක සිරදඬුවමක් Hollywood විනෝදාස්වාද ලෝකය කැළඹූ Russell Brand ට එල්ල...

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ පසුගියදා ඉදිරිපත් කෙරුණු 2027 අයවැය කතාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව හමුවේ තැබූ එක්...
- Advertisement -spot_img

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ

බිලියන 528ක් ඉවරයි! තවම මළකුණ කරේ පසුගියදා ඉදිරිපත් කෙරුණු 2027 අයවැය කතාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව හමුවේ තැබූ එක්...

ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්?

ඊශ්‍රායල ඩ්‍රෝන ගනුදෙනුව පිටුපස කොමිස් කුට්ටියක්? හොර පාරෙන් බිලියන 4.26ක් එළියට! "ශ්‍රී ලංකාවේ භූමිය හෝ මුහුදු තීරය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you