FeaturesHealthමුත්‍ර ගල් කල්තියා හඳුනාගන්නෙ කොහොමද ?

මුත්‍ර ගල් කල්තියා හඳුනාගන්නෙ කොහොමද ?

-

spot_img

මුත්‍ර ගල් කල්තියා හඳුනාගන්නෙ කොහොමද ?

ඔබට කොන්දේ වම් හෝ දකුණු පස වකුගඩු ආශ්‍රිත ප්‍රදේශයේ හෝ ඉන් පටන් ගෙන උදරය වටා යටි බඩ ප්‍රදේශයට පැතිරෙන තද කැක්කුමක් තිබේද? එසේනම් එය මුත්‍ර ගල් නැත්නම් ජනවහරේ පවතින වකුගඩු ගල් පිළිබඳ ප්‍රථම අනතුරු ඇඟවීම විය හැකිය. මෙය නිසි ප්‍රතිකාර මගින් වළක්වා ගත හැකි තත්වයකි.

මුත්‍ර ගල් හට ගැනීම

මුත්‍ර පද්ධතිය තුළ, විශේෂයෙන්ම වකුගඩු තුළ (එමෙන්ම මුත්‍ර නාළ, මුත්‍රාශය හෝ කලාතුරකින් මුත්‍ර මාර්ගයේ) හට ගැණෙන දෘඩ, ඝන පදාර්ථ මුත්‍ර ගල් ලෙස හැඳින්වේ. මේවා මුත්‍රවල ඇති ඛනිජ සහ ලවණ වර්ග එකතු වී ඝන වීමෙන් සෑදේ. සාමාන්‍යයෙන් මුත්‍රවල ගල් ඇති වීම වළක්වන රසායනික ද්‍රව්‍යවල මැග්නීසියම් අයන, සිට්රේට්, ග්ලයිකොප්‍රෝටීන අඩංගුය. එහෙත් ජලය අඩුවෙන් පානය කිරීම හෝ වැරැදි ආහාර පුරුදු නිසා මෙම සමතුලිතතාව බිඳ වැටේ. ස්ඵටික සෑදීම සිදු වේ. පසුව මෙම ස්පටික කාලයත් සමඟ මුත්‍ර ගල් බවට පරිවර්තනය වේ. මේවා ප්‍රමාණයෙන් මෙන්ම හැඩයෙන්ද විවිධාකාර වන අතර ඉතාම කුඩා වැලි කැට තරමේ සිට ගොල්ෆ් පන්දුවක ප්‍රමාණය දක්වා විශාල විය හැකිය.

Urinary stones

මුත්‍ර ගල් සෑදීමට හේතු?

මේවා ඇති වීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතුව වනුයේ අධික සාන්ද්‍රණයකින් යුතු මුත්‍ර පිටවීමය. සිරුරට අවැසි ප්‍රමාණයට ජලය පානය නොකිරීම මීට හේතුවය. එවිට කැල්සියම්, ඔක්සලේට් හා යූරික් අම්ලය වැනි ඛනිජ සහ ලවණ වර්ග එකිනෙකට බැඳී මුත්‍ර ගල් සෑදීම සිදු වේ. මීට අමතරව වැරැදි ආහාර පුරුදු එනම් අධික ලුණු සහිත ආහාර, ඔක්සලේට් අධික ආහාර නිවිති, මුරුංගා, ධාන්‍ය වර්ග, තේ, චොකලට්, සත්ව ප්‍රෝටීන බහුලව ගැනීම, උණුසුම් කාලගුණය නිසා ශරීරයෙන් ජලය අධික ලෙස වාෂ්ප වීම මෙන්ම පවුලේ සමීපතම ඥාතියකුට මුත්‍ර ගල් පැවැතීම ආදී හේතු ඔබට මෙකී රෝගය සඳහා අවදානම තීව්‍ර කරවයි.

මුත්‍ර ගල් වර්ග

සුදුසු ප්‍රතිකාර සඳහා මෙන්ම නැවත සෑදීම වළක්වා ගැනීම සඳහාද ඔබට හටගෙන ඇති මුත්‍ර ගල් වර්ගය කුමක්දැයි දැන සිටීම ඉතාම වැදගත්ය. ප්‍රධාන වශයෙන් මුත්‍ර ගල් වර්ග කිහිපයක් පවතී.

කැල්සියම් අඩංගු මුත්‍ර ගල්

මුත්‍රවල ඇති කැල්සියම් අයන සමග ඔක්සලේට් හෝ ෆොස්පේට් ලවණ එකතු වීමෙන් මෙම මුත්‍ර ගල් වර්ගල සෑදේ.

Urinary stones

යූරික් අම්ලය අඩංගු මුත්‍ර ගල්

මෙම ගල් වර්ගය අධික ලෙස සත්ව ප්‍රෝටීන ආහාරයට ගන්නා අය හෝ ගවුට් රෝගීන් අතර සුලබව දැකිය හැකිය. මුත්‍රවල ඇති ආම්ලික ගතිය වැඩි වීම මෙම ගල් සෑදීම සඳහා උපකාර වේ.

මුත්‍ර ආසාදන නිසා ඇතිවන ගල්

දිගුකාලීන මුත්‍ර ආසාදන පවතින රෝගීන් අතර මෙකී ගල් වර්ගය බහුලව දැකිය හැකිය. මේවා ඉතා වේගයෙන් විශාල විය හැකි අතර සමහර රෝගීන්ගේ වකුගඩුව පුරාම වර්ධනය විය හැකිය.

සිස්ටයින් අඩංගු මුත්‍ර ගල්

මෙය ඉතා විරල මුත්‍ර ගල් වර්ගයකි. බොහෝ විට ජාන විකෘති වීම නිසා ඇතිවන ප්‍රවේනිගත රෝගයක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. මෙහිදී මුත්‍ර සමඟ සිස්ටයින් නම් ඇමයිනෝ අම්ලය පිටවීම සිදු වේ.

 

රෝග ලක්ෂණ

මෙවන් රෝගීන්ගේ දැකිය හැකි ප්‍රධානම ලක්ෂණය වන්නේ කොන්ද දෙපැත්තේ වකුගඩු ආශ්‍රිත ප්‍රදේශයේ හෝ ඉන් ආරම්භ වී උදරය වටා යටි බඩ ප්‍රදේශයටත් සමහර විට අදාල පැත්තේ වෘෂණ කෝෂවලට හෝ යෝනි ප්‍රදේශයටත් පැතිරෙන දැඩි වේදනාවය. මීට අමතරව මුත්‍ර සමඟ ලේ පිටවීම, ඔක්කාරය, වමනය, මුත්‍ර දැවිල්ල සහ මුත්‍ර පිටවීමේ වාර ගණන වැඩි වීමද තිබිය හැකිය. එමෙන්ම මුත්‍ර ගල් සමඟ ආසාදන තත්ව පවතින විට උණ,සීතල ගතිය සහ වෙව්ලීම ඇති වේ. ඉතා කුඩා මුත්‍ර ගල් කිසිඳු රෝග ලක්ෂණ නොපෙන්වන අතර ඒවා වෙනත් රෝගී තත්ව සඳහා කරනු ලබන පරීක්ෂණ මගින් අහඹු ලෙස හමු වේ.

Urinary stones

මුත්‍ර ගල් හඳුනා ගැනීමට කරන පරීක්ෂණ

මුත්‍ර ගල් පවතින බවට තහවුරු කර රැනීම සඳහා ඔබගේ වෛද්‍යවරයා විසින් පරීක්ෂණ කිහිපයක්ම සිදු කරනු ඇත.

මුත්‍ර පරීක්ෂාව

මෙමගින් මුත්‍රවල ඇති රතු රුධිරානු, සුදු රුධිරාණු සහ ස්පටික හඳුනා ගත හැකිය.

රුධිර පරීක්ෂාව

මෙමගින් වකුගඩුවල ක්‍රියාකාරීත්වය සහ රුධිර ගත ඛණිජ සහ ලවණ මට්ටම දැන ගත හැකිය.

උදරයේ සිදු කරන එක්ස් කිරණ පරීක්ෂාව

මෙමගින් සියයට 70ක් 80ක් අතර මුත්‍ර ගල් තත්වය හඳුනා ගත හැකිය.

උදරයේ සිදු කරන ස්කෑන් පරීක්ෂාව

මෙය මුත්‍ර පද්ධතියේ තත්වය සහ මුත්‍ර ගල් හඳුනා ගැනීම සඳහා සිදු කරන මූලික ස්කෑන් පරීක්ෂාවකි.

උදරයේ සිදු කරන සීටී ස්කෑන් පරීක්ෂාව

මෙය මුත්‍ර ගල් හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන නිවැරැදිම මෙන්ම සූක්ෂම ස්කෑන් පරීක්ෂාවය.

මුත්‍ර ගල්වල ඇති සංඝටක හඳුනා ගැනීම

මේ සඳහා පිටවූ හෝ ශල්‍යකර්ම මගින් ඉවත් කරන ලද මුත්‍ර ගල් යොදා ගැනේ. මුත්‍ර ගල් නැවත ඇති වීම වළක්වා ගැනීමට ඒවායේ ඇති සංඝටක පිළිබඳව දැන සිටීම අත්‍යවශ්‍යය.

Urinary stones

දවසේ පැය 24ක් තුළ පිටවන මුත්‍රවල සිදු කරන පරීක්ෂාව

මෙය මුත්‍ර ගල් ඇතිවීමට වැඩි අවධානමක් සහිත රෝගීන් සඳහා සිදු කරන පරීක්ෂාවකි. මෙමගින් මුත්‍රවල ඇති ඛනිජ හෝ ලවණ වර්ග පිළිබඳව තොරතරු ලබා දේ.

ප්‍රතිකාර ක්‍රම

මේ සඳහා මුත්‍ර ගලේ ප්‍රමාණය, පිහිටීම, ඝනත්වය, සම මට්ටමේ සිට ඇති දුර ප්‍රමාණය සහ රෝග ලක්ෂණ පිළිබඳ අවබෝධයක් තිබීම ඉතා වැදගත්ය.

බෙහෙත් මගින් මුත්‍ර ගල් පිටවීමට සැලැස්වීම

මුත්‍ර පද්ධතියේ ඇති කුඩා ගල් ස්වාභාවිකවම මුත්‍ර සමග පිටවී යෑම සිදු වේ. වැඩිපුර ජලය පානය කිරීම, වේදනාව සඳහා භාවිත කරන ඖෂධ සහ මුත්‍ර වාහිනී ඉහිල් කරනු ලබන ඖෂධ මෙකී ස්වාභාවික ක්‍රියාවලිය වේගවත් කරනු ලැබේ.

ශබ්ද තරංග ප්‍රතිකාරය

මෙහිදී ධ්වනි තරංග මගින් මුත්‍ර ගල් කුඩා කැබැලිවලට කැඩීම සිදු වේ. පසුව එම කුඩා ගල් කැබැලි මුත්‍ර මාර්ගය ඔස්සේ පිටවීම සිදු වේ.

ලේසර් කිරණ ප්‍රතිකාරය

මෙහිදී ඉතා කුඩා කැමරාවක් මුත්‍ර මාර්ගය තුළට ඇතුල් කර ඒ හරහා ලේසර් කිරණ යවා මුත්‍ර ගල් ඉතා කුඩා කැබලිවලට කැඩීම සිදු වේ. මෙහිදී ඇතිවන ඉතා කුඩා ගල් කැබලි මුත්‍ර මාර්ගය හරහා පිටවන අතර තරමක් විශාල ගල් කැබලි විශේෂිත බහාලුමක් මගින් ඉවත් කළ හැකිය.

වකුගඩුව සිදුරුකර මුත්‍ර ගල් ඉවත් කිරීම

මෙහිදී වකුගඩුව ආශ්‍රිත කොන්ද ප්‍රදේශයේ ඉතා කුඩා කැපුමක් යොදා වකුගඩුව සිදුරු කර ඒ හරහා කුඩා කැමරාවක් යවා මුත්‍ර ගල් කඩා ඉවත් කිරීම සිදු කෙරේ. මෙය වකුගඩු තුළ ඇති ඉතා විශාල ගල් ඉවත් කිරීම සඳහා සුදුසුය.

උදරයේ විශාල කැපුමක් යොදා සිදු කරන ශල්‍යකර්ම

ඉහත සඳහන් ඉතා දියුණු මුත්‍ර ගල් ඉවත් කිරීමේ සැත්කම් නිසා මෙවැනි ශල්‍යකර්ම වර්තමානයේ සිදු කරන්නේ කලාතුරකිනි.

මුත්‍ර ගල් සමග ආසාදන තත්ව ඇති විට ඒ සඳහා ප්‍රථමයෙන් ප්‍රතිකාර කළ යුතුය. මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ මෙන්ම මුත්‍ර පද්ධතිය තුළ ඇති සැරව ඉවත් කිරීම සඳහා සම හරහා වකුගඩුව සිදුරු කර ඒ තුළට බටයක් දැමීම හෝ මුත්‍ර මාර්ගය හරහා වකුගඩුව තුළට බටයක් දැමීම අවශ්‍ය විය හැකිය.

Urinary stones

සංකූලතා

මුත්‍රගල් සඳහා නිසි ප්‍රතිකාර නොකළ විට විවිධ සංකූලතා පැන නැගිය හැකිය. මුත්‍ර වාහිනී හෝ මුත්‍ර මාර්ගය අවහිර වීම. මේ නිසා වකුගඩු හදිසියේ අකර්මණ්‍ය වීම මෙන්ම ආසාදනය වීමද සිදු වේ. එහිදී සිරුරට ඇතුළු වන ක්ෂුද්‍ර ජීවීන් හා ආසාධිත අපද්‍රව්‍ය නිසා ලේ විස වීම, අවයව අකර්මණය වීම, මෙන්ම මරණයද සිදු වීමට පුළුවන.

නිතරම මුත්‍ර ආසාදන ඇති වීම.

කොන්ද ප්‍රදේශයේ හෝ උදරයේ දිගුකාලීනව පවතින වේදනාව

වකුගඩු කාලයත් සමග ක්‍රියාවිරහිත වීම

නිතරම මුත්‍ර ගල් ඇතිවීමේ අවදානම වැඩි වීම

එබැවින් මුත්‍ර ගල් පවතී යැයි සැකයක් ඇතිවිට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යය.

මුත්‍ර ගල් සෑදීම වළක්වා ගන්නේ කොහොමද?

මෙය වළක්වා ගත හැකි තත්වයක් බව අවබෝධ කොට ගත යුතුය. ඒ අනුව පහත උපදෙස් ඔබට පිළිපැදීමට පුළුවන.

දිනකට ජලය ලීටර් 2ත් 3ත් අතර ප්‍රමාණයක් පානය කිරීම.

අධික ලුණු සහිත ආහාර සහ සත්ව ප්‍රෝටීන අධික ආහාර භාවිතය සීමා කිරීම

නැවුම් එළවළු සහ පලතුරු අනුභවය. විශේෂයෙන් ස්වාභාවික සිටිරික් අඩංගු දෙහි, දොඩම්, නාරං, ලෙමන් වැනිදෑ මීට ඇතුළත් විය යුතු වේ.

ඔක්සලේට් අධික ආහාර සීමා කිරීම.

නිවිති, මුරුංගා, තක්කාලි, ධාන්‍ය වර්ග, තේ, චොකලට්, පැණිබීම ආදිය සීමා කරන්න.

ක්‍රියාශීලී දිවි පෙවෙතක් අනුගමනය කිරීම.

නිතර ව්‍යායාම කිරීම

උසට සරිලන නිසි බර පවත්වා ගැනීම

මීට ඉහතදී මුත්‍රගල් සෑදුණු රෝගීන් සහ පවුලේ ලේ ඥාතීන්ට මුත්‍ර ගල් ඇති රෝගීන්ට වෛද්‍ය උපදෙස් මත කාලානුරූපීව සිදු කරනු ලබන පරීක්ෂණ මගින් මුත්‍ර ගල් එහි අරම්භක අවදියේදී හඳුනා ගත හැකි අතර ඉතා ඉක්මනින් නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය හැකිය.

කතාබහ
ධාරා අබේනායක

Dr. Milan Gunawardane
ගාල්ල ජාතික රෝහලේ වකුගඩු හා මුත්‍ර රෝග පිළිබඳ විශේෂ ශල්‍ය වෛද්‍ය මිලාන් ගුණවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ලිසිං වාහනවලට එන අලුත් නීති

ලිසිං වාහනවලට එන අලුත් නීති මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී...

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සහ සුනඛ ගහනය පාලනය කිරීම...

රේගුව සැප්තැම්බරයේ ආදායම් සීමා ඉක්මවයි

රේගුව සැප්තැම්බරයේ ආදායම් සීමා ඉක්මවයි සැප්තැම්බර් මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමට පෙරාතුවම සපුරා ඉලක්කය අබිබවා ආදායම් රැස් කිරීමට...

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි "වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කරන බව...
- Advertisement -spot_img

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි "වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කරන බව...

ගෙදරදීම විශේෂ කහ බතක්

ගෙදරදීම විශේෂ කහ බතක් - Special Yellow Rice කහබත් අපෙ රටට ආවේණික ඉස්සර ඉඳලම උත්සව අවස්ථාවලට නැතුවම බැරි කෑමක්. කහබත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you